මොබිටෙල් දුරකථන සමාගම විසින් සිදු කරන ලද දිනුම් ඇදීමක් ලෙස පවසමින් ලක්ෂ ගණනක මුදල් බැංකු ගිණුම් වලට තැන්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධව බෙලිඅත්තේ පදිංචි තරුණියක ඇගේ මව සහ තවත් තරුණයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වංචාවේ ප්‍රධාන සැකකරු වන්නේ අත්අඩංගුවට පත් තරුණියගේ පෙම්වතාය.ඔහු තොට ළඟ මිනීමැරුම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි.
තොටළඟ මිනීමැරුම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින තරුණයා හා තරුණිය පෙම්වතුන් වන්නේ අපුරු ආකාරයටය.ඒ තරුණයා බන්ධනාගාරයට යාමෙන් පසුවය.අවරුදු 20 ක් වන තරුණිය උසස්පෙළ හදාරමින් සිටින අතරතුරදී අගේ මිතුරියක් මාර්ගයෙන් දුරකථන අංකයක් ලබා ගෙන ඇත.
පසුව එම දුරකථන අංකයට මිස්කෝල් හා කෙටි පණිවුඩ ලබාදුන් තරුණිය එම තරුණයා හා යාලු වී ඇත.
තරුණයා එම මොහත වනවිටත් සිට ඇත්තේ බන්ධනාගාර ගතවය.තමාගේ ජායාරුපයක් MMS මාර්ගයෙන් එවූ පසු තරුණිය ඔහුට කැමති වී ඇති අතර තමා තොට ළඟ මිනීමැරුමට සම්බන්ධ බවත් බන්ධනාගාර ගතවී සිටින බවත් පවසද්දීත් තරුණිය එම තරුණයාට කැමැත්ත ලබාදී ඇත.
මෙම සම්බන්ධය තරුණියගේ නිවසින් දැනගැනීමෙන් පසුව ඇතිවූ විරෝධය මත බන්ධනාගාර තරුණයා විසින් හදුන්වා දුන් ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගොස් වාසය කර ඇති මෙම තරුණිය ඉන් පසු කිහිපවරක්ම තරුණයා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත.
පසුව බන්ධනාගාර ගතව සිටින තරුණයා බන්ධනාගාරයේ තවත් දෙදෙනෙකුද, හමුදා සෙබළුන් දෙදෙනෙකුද තවත් පුද්ගලයන් දෙදෙනෙකු හවුලේ එකතුව දුරකථන මාර්ගයෙන් කප්පම් ලබාගෙන ඇත. තරුණිය විසින් ජංගම දුරකථන දෙකක් භාවිතයෙන් මොබිටෙල් විසින් සිදු කරනු දිනුම් දීමකින් ජයග්‍රහණය කර ඇති බවත් ත්‍යාග ලබා දීම සඳහා මුදල් ඔවුන්ගේ ගිණුම් වලට තැන්පත් කරවාගෙන ඇත.
Source: http://www.gossip9.com/2012/09/blog-post_4.html#ixzz25gBtFotD