සිය පාසල් සමයේ සිට රංගනයට එක්වී වේදිකා නාට්‍ය 100 කට, ටෙලි නාට්‍ය 200 කට හා චිත්‍රපට 20 කට ආසන්න කලා නිර්මාණවලට සම්මානනීය නළු රංගධර සුමින්ද සිරිසේන දායකවී ඇත.
මුළුමහත් රටක් දේශයක් සැනසූ මෙම කලාකරුවා බරපතළ ලෙස රෝගී වීමෙන් පසුව මේවන විට මඳ සුවයකින් පසු කොස්ගම සිය සොයුරාගේ නිවසේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.
වෛරස් උණක් වැළඳීමෙන් අනතුරුව ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීමෙන් සුමින්ද සිරිසේන මහතා අසාධ්‍යය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත් අතර සුමින්ද සිරිසේන මහතාගේ උපන්දිනයට සුබ පැතීමට ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම ලැබුණු විට සුමින්දගේ රෝගී තත්ත්වය පිලිබඳ දැනගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී සියලු ප්‍රතිකාර කටයුතු ඉටුකිරීමට අවශ්‍යය සහය ලබාදී ඇත.
සංස්කෘතික අමාත්‍යාංශයෙන් රු. 20,000/- ක් හා චිත්‍රපට සංස්ථාවෙන් රු. 10,000 ක මුදල් පරිත්‍යාග ලැබී ඇති අතර කලාකරුවන් විසින් එක්රැස්වී සුමින්ද සිරිසේන මහතාගේ සුවය පතා බෝධි පුජා පින්කම් රැසක් සංවිධානයකොට ඇත.
තවමත් නිශ්චිත සුවයක් නොමැති සුමින්ද සිරිසේන මහතා විදෙස් රටකට ගෙනගොස් ප්‍රතිකාර කිරීම සඳහා මේවනවිට අවධානය යොමුකොට ඇති අතර ඒ සඳහා කලාකරුවන් පිරිසක් එකතුවී ජනාධිපතිවරයාට කරුණු පැහැදිලිකර දී ඇති අතර එයට එක් ප්‍රවීණ කලාකරුවෙක් සිය විරෝධය පලකොට ඇත්තේ පසුගිය සමයේ පැවති තීරණාත්මක මැතිවරණයකදී කලාකරුවන් පිහිටුවාගත් සන්ධානයකට සුමින්ද සිරිසේන මහතා සහභාගී නොවුන බව පවසමින්.
මේ පිලිබඳ දැනගත් සුමින්ද සිරිසේන හා ඔහුගේ බිරිඳ දැඩි කම්පනයට පත්ව ඇති අතර ඔවුන් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්
සුමින්ද සිරිසේන මහතාගේ බිරිඳ ලීලා සිරිසේන
රටේ නම ගිය ඉහළ පෙළේ කලාකරුවෙක් කියල තියෙනව ජනාධිපතිතුමා වෙනුවෙන් වේදිකාවලට නැග්ගෙ නැති කෙනෙකුට අපි කොහොමද උදව් කරන්නේ කියල. මේ ගැන මාධ්‍යවල පවා පළවෙලා තිබුණා. සුමින්ද ස්ටේජ් එකට නැග්ගද නැද්ද කියන්න කවුරු නැතත් ජනාධිපතිතුමා දන්නවා.
ඔය කියන සමහරු වගේ ඊයේ පෙරේද ආපු අයවගේ නොවෙයි, මගේ මහත්තය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් 2005 කොටි කලබල කාලෙදි අනුරාධපුර වගේ ඉතා දුෂ්කර පළාත්වල පවා ගිහින් වැඩ කළා.
ඉතා අපහසුවෙන් වචන ගළපා හඬ අවදි කළ "සුමින්ද සිරිසේන" මහතා
"අපි වැඩ කරපු හැටි ජනාධිපතිතුමා දන්නවා. ජනතාව දන්නවා. අපි එකතුවෙලා තමා එදා ජීවිතය පවා ඇපයට තියල ජනාධිපතිතුමා වෙනුවෙන් වෙහෙසුණේ එහෙම කරපු මට ඊයෙ පෙරේද එළියට ආපු අය මෙහෙම කථා කරන එක දරාගන්න බැරි වේදනාවක්."..

Source: http://www.gossip9.com/2012/09/blog-post_3463.html#ixzz25gFZUPvy