Chitika Smowtion 468x60


Friday, September 7, 2012

අසභ්‍ය වීඩියෝවක් නිසා ස්පාඥ්ඤයේ මංත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි

මීට පෙර අප විසින් ලිපියකින් ගෙන ආවේ වීඩියෝවක් නිසා කොස්ටා රිකා හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම් එල්ලවූ පුවතකුයි. මීට සමාන පුවතක් මේ දිනවල ස්පාඥ්ඤයෙන් වාර්තා වෙනවා.

ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.

අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක් පමණ ජනතාවක් අතර එය හුවමාරුවී තිබෙන අතර පසුව අන්තර් ජාලයට එක්වීමෙන් පසුව ඇය විසින් පැමිණිලි කිරීම නිස වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ අභිෂේක් මනු සිංවි හට සිය තනතුර අත හැරීමට සිදු වුනේ කාන්තාවක් හා අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා ය.

2010 වසරේ තුර්කියේ විරුද්ධ පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ ඩෙනිස් බේකල් ද සිය තනතුර අතහැරියේ එලෙසම වූ වීඩියෝවක් නිසා.

පසුව 2011 වසරේදී තුර්කියේ දේශපාලඥයන් 10 දෙනෙක්ට සිය තනතුරු අත හරින්නට සිදුවුනේ එක්තරා පාටියකදී ගත් මේ ආකාරයේ වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා නිසා ය.




-








Source: http://www.gossip9.com/2012/09/blog-post_4681.html#ixzz25mdTvsCh

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends