Chitika Smowtion 468x60


Sunday, September 9, 2012

ඇමති මාරුවක් අත ලඟයි - සුමනදාස

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

පසුගිය මාර්තු මාසයේ පැවති පුවත්පත් සාකච්චාවකදී ඔහු පවසා සිටියේ ඒ දිනවල ගෙවෙන්නේ ඔහුගේ අවසාන කාලය බවත්, ලංකාවේ ඉහලම වෛද්‍යවරු විසින් එය තීරණය කර තිබෙන බවත්ය.

එබැවින් ඊලඟ රාජපක්ෂ නායකයාට නැකත් හැදීමේ පින්බර අවස්ථාවට පෙර තමා මියයන බවත්, ඒ පැවැත්වූයේ ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ජාව වීමට හැකි බවත් පවසා සිටියද පසුගියදා ඔහු ජාතික ඉතිරිකිරීමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී නැවතත් එම තනතුරද භාරගනු ලැබුවා.



ඔහු හා පැවති නවතම පුවත්පත් සාකච්ජාවේදී පලකරන ලද අදහස් කිහිපයකි මේ. පසුගියදා අප විසින් ගෙන ආ දයාසිරි ජයසේකර ආණ්ඩුවට නොගත්තේ සුමනදාස එපා කියූ නිසාද? ලිපියෙන් ගෙන ආ කරුණුද සත්‍යවන කරුණු ඒ අතර වෙනවා

මේ දිනවල ගතවෙන්නේ ටිකක් ව්‍යාකුල කාලසීමාවක් බව පේනවා. ඔබේ ජ්‍යෝතිෂ විශේෂඥයකු ලෙස රටේ දේශපාලන දෛවය ගැන මොකද හිතෙන්නේ?
ජ්‍යෝතිෂ්‍ය තත්ත්වය අනුව බලන කොට අවුරුදු 18 කට පස්සේ රාහු කේතු කියන ග්‍රහයන් දෙන්නම නීච වෙලා ඉන්න අවස්ථාවක් මේක. ඒ නිසයි ඔය ව්‍යාකුල බව පෙනෙන්නේ. සමාජයේ ලැජ්ජා සහගත හිරිකිත දේවල් නිතර නිතර වාර්තා වෙනවා. මිනීමැරුම් අපචාර වැඩිවුනෙත් ඔය ග්‍රහ බලපෑම් නිසයි. එක දේශපාලනයටත් එතරම් හොදට බලපාන්නේ නැහැ. රජයටත් විපක්ෂයටත් දෙකටම යම් යම් දෝෂ ඇතිකරනවා. නමුත් ආණ්ඩුවේ ඉදිරි ගමනට මේ තත්ත්වය බාධාවක් වෙන්නනේ නැහැ.

මේ අහිතකර තත්වය කොපමන කල් තිබෙනවාද?
ලබන දෙසැම්බර් 25 පමණ වන තෙක් බලපානවා ඉන් පස්සේ මේ රස්නය නිවිලා යාවි.

මෙයට පෙරත් මෑතකදී මෙබඳු ග්‍රහ නීචවීමෙන් ව්‍යාකුල තත්වයන් හටගත්ත අවස්ථා තිබුනද?
1987-88 වර්ෂවල තිබුනා. එදා තත්වය අදට වඩා ඉතාම බරපතලයි. මනුෂ්‍ය ඝාතන එදා විශාල ලෙසින් වුනා. නමුත් වත්මන් රාජ්‍යනායකයා ලෙස ජනාධිපතිතුමාට උරුම විශේෂ වාසනා ගුණය නිසා තත්ත්වය පාලනය වී තිබෙනවා.

දේශපාලන පක්ෂ මාරු ගැන ආයෙත් කතාබහ ඇතිවෙලා තියනවා. නවග්‍රහයෝ මාරුවෙනවාත් එක්කම දේශපාලන ග්‍රහමාරුත් වෙනවද?
ඒවා කවදත් වෙනවා... එල ඇති රුකටයි කුරුල්ලෝ එන්නේ.

පසුගිය දිනවල කතාවක් පැතිරුනා යම් යම් මහජන මන්ත්‍රීන් පක්ෂ මාරුවකට ඔබෙන් උපදෙස් ගත්බවට?
එහෙම දෙයක් වුනා. නමුත් පෞද්ගලිකව ජ්‍යෝතිෂ්‍ය උපදෙස් ලබාගත්තාම ඒවා මාධ්‍යට කියන්න හොඳ නැහැනේ..

අපට නම් ගම් අවශ්‍ය නැහැ . මේ අය මොනවද ඔබෙන් විමසුවේ? 
එක ප්‍රකට මන්ත්‍රීතුමෙක් වෙනත් අයෙක් අත එතුමාගේ කේන්ද්‍ර පිටපත මට එවලා තිබුනා. මේක ගෙනාපු ඇය කිව්වේ නැහැ කාගේද කියල. නමුත් මම දන්නා ශාස්තරේ හැටියට මට තේරුණා මේක මහජන මන්ත්‍රී කෙනෙකුගේ බව. පස්සේ මම ඒක ගෙන අයට ඒ බව කිව්වා... ඊට පස්සේ මේ කේන්ද්‍රය ගෙන අය මගෙන් ඇහුවේ ටිකක් අපභ්‍රන්ස කතාවක්. මේ කේන්ද්‍ර හිමි මහජන නියෝජිතයා විපක්ෂයට ගියාට කමක් නැද්ද කියල එයාල ඇහුවා.සමහරවිට එයාල මාවත් වැරදි පාරක ගෙනියන්න පුලුවන්ද බලන්න ඇති. මම එයාලට යථාර්තය කියල දුන්නා. ගියොත් ලැබෙන දේ මොකද්ද? හිටියොත් වෙන්නේ මොකද්ද? කියලා. නමුත් කේන්ද්‍රය ගෙනා අය සියල්ලට වැරදි අර්ථකතනයක් දීල තිබුනා.

මේ දවස් වල ඇමති මණ්ඩලයේ මාරුවක් ගැන කතා පැතිරෙනවා. එහෙම දෙකට සුදුසු වාතාවරණයක් පේනවද ? 
ඔව්, ඇමතිමාරුවකට හොඳ පසුබිමක් නිර්මාණය වෙලා තියනවා...

එහෙනම් බොහෝ දේශපාලඥයන් දැන් ඔබෙන් අනාවැකි දැනගැනීමට එනවා ඇති.?
ඔව් ඔව්.. වෙනදටත් වඩා මේ දවස් වල තනතුරු ගැන අනාවැකි දැනගන්න විශාල පිරිසක් එනවා. පසුගිය මාසෙට දේශපාලඥයෝ 40 ක් විතර තමන්ගේ ජන්ම පත්‍රයත් අරන් මා හමුවෙන්න ආවා. පළාත් සභා වල දේශපාලඥයොත් මැති ඇමතිකම් විතරක් නෙවෙයි මහ ඇමතිකම් ලැබේද කියලත් බලන්න ආවා.

අගමැතිධුරයත් වෙනස් වෙන්න සුදුසු ජ්‍යෝතිෂ්‍ය තත්ත්වයක් තිබෙනවාද?
ඒක ඉතින් ජනාධිපතිතුමාගේ දේශපාලන තීන්දුවක්නේ. ජ්‍යෝතිෂ්‍ය තත්වයේ හැටියට දෙවනිපෙල, තුන්වනිපෙල, ඕනෑම තනතුරක් වෙනස් වෙන්න සුදුසු වාතාවරණයක් තමයි උදා වෙලා තියෙන්නේ. දැන් ජන්දය නිසා ඒක පළාත් සභාවක මහ ඇමතිකම ගැන තමයි පසුගියකාලේ කීප දෙනෙක්ම අනාවැකි ඇහුවේ.

තරුණ දේශපාලඥයන් අනාවැකි අහගෙන එනවද?
මොකද නැත්තේ. ඒගොල්ලෝ හුඟ දෙනෙක්ම ඇවිත් ඇහුව උප ඇමති කමකට වාසනාව තියනවද කියල.

කැබිනට් මාරුවක් වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කොයි කාලේද?
නැවත කියන්න ඕනෑ කැබිනට් මාරුවක් කියන්නේ ජනාධිපතිතුමා ගන්න දේශපාලන තීන්දුවක්. නමුත් ලබන ඔක්තෝම්බර් මාසයේ මුල් දවස් 15 තුල ඒ වගේ වෙනස් කමක් වන්නට ඉඩ තිබෙන බව පේනවා. ඒක සුළු වෙනසක් නොවෙයි . විශාල වෙනසක්. ටිකක් පෙරළිකාර වෙනසක්. ඒකනම් මට කියන්න පුළුවන්.

රජගෙදරට නැකැත් හදන ප්‍රධාන දෛවඥයා විදියට ඔබ ඒවගේ කැබිනට් වෙනසක් සඳහා ජනාධිපතිතුමාට උපදෙස් දීල ඇති.
රටේ රාජ්‍ය නායකයට දෙන ජ්‍යෝතිෂ්‍ය උපදෙස් පත්තරේට කියන්න හොඳ නැහැනේ. නමුත් මට කියන්න පුළුවනි පෙරලියක් සිදුවන බව. ඒක රජයේ ඉදිරි ගමනට වේගවත් වෙන්න බලපාන බවත් කියන්න පුළුවනි.

අලුත්ම මුහුණු කැබිනට් එකට එන්න ඉඩ තිබෙනවාද?
වෙන්න පුළුවන්. තිබෙන තනතුරු රැසක් වෙනස් වේවි වගේ පේනවා. සිදුවන වෙනස පෙරලිකාරයි.

ඉදිරියේදී තවත් පළාත් මැතිවරණ එන බව කතා වෙනවා. ඒවා කොයිකාලේ විතර එයි කියලා ජ්‍යෝතිෂ්‍ය අනාවැකියක් කියන්න පුලුවන්ද?
ජනාධිපතිතුමාට රටට යහපත් කාලෙකනේ ඒවා තියෙන්නේ. ලබන වසරේ මාර්තු විතර වෙනකොට පළාත්සභා කිහිපයක ජන්දය එන්න ඉඩ තිබෙනවා.

මේ මැතිවරණ කාලසටහන් හදන්නේ ඔබද?
ඒවා හදන්නේ රජය හා ජනාධිපතිතුමා. මම කරන්නේ සුබ නැකැත් සුබ දවස් සුබ මොහොතවල් තෝරා දෙන එකයි.

මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට යන තත්වයක් පෙනෙන්නට තිබෙනවාද?
කිසිසේත්ම දැන් එවන් ජන්දයකට යන්නේ නැහැ.මගෙත් එතුමා මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ගැන කිසිම උපදෙස් අහලත් නැහැ. එහෙම යන්න අවශ්‍යතාවක් නැහැනේ. රජයට ජනාධිපතිතුමාට තව බොහෝකල් බලයේ ඉන්න වාසනාව තියනවා .

රාජ්‍ය නායකයාට නැකැත් හදන ඒක භාරධුර වැඩක්, ඒ ගැන ඔබතුමාට අභියෝග එල්ල වෙලා නැද්ද?
අපොයි ඔව්. මේක දැලි පිහියෙන් කිරි-පැණි කනවා වගේ වැඩක්. නමුත් ජනාධිපතිතුමා උපන් වාසනා ගුණය ඇති කළගුණ දත් හොද නායකයෙකු නිසා මට මගේ සේවාව කරගෙන යන්න පහසුයි. මම පසුගිය කාලේ සකස් කරපු නැකැත් වලින් යහපතක් වුනා. ඒ නිසා මම සන්තෝසයෙන් මේ ශාස්ත්‍රය නිවැරදිව කරන්න කැප වෙලා ඉන්නවා. මට දවසකට ඉවරකරන්න බැරි තරම් වැඩ තියනවා. ලංකාවේ අය පමණක් නොවෙයි ලෝකය පුරා විශාල පිරිසක් අන්තර්ජාලය හරහා අනාවැකි ලබාගන්නවා. 







Source: http://www.gossip9.com/2012/09/blog-post_4393.html#ixzz25yiIGMM9

Share this article with your friends