Chitika Smowtion 468x60


Sunday, September 9, 2012

විකෘති කාමාශාවන් නිසා ලාබාල අනියම් බිරිද අතින් මැරුම් කෑ නීතිඥයා

හෝකන්දර ජයගත් මාවතේ පිහිටි නිවසකදී 67 හැවිරිදි නීතිඥවරයකුට මිටියකින් හිසට පහරදී ඝාතනය කළ බව කියන ඔහුගේ 21 හැවිරිදි අනියම් බිරිඳ අතුරුගිරිය පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ අලුයම 2.30 ට පමණ මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ නීතිඥවරයකු වූ විල්සන් ජයවර්ධන නමැති අයයි. තම සැමියා විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නකු බවත් ඔහුගෙන් විඳින්නට සිදුවූ වධ වේදනාවන් උහුලාගත නොහැකිව මෙසේ මරා දැමූ බවත් සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. ඝාතනයට ලක්‌වූ නීතිඥයා සිය සැමියා බව ඇය පැවැසුවද සැකකාර කාන්තාවට ඒ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ නොමැති බව පොලිසිය පවසයි.




මෙම ඝාතනය නාඳුනන පිරිසක්‌ විසින් කළ බවට පොලිසිය නොමඟ යෑවීමට සැකකාරිය උත්සාහ කළ බවත්, නමුත් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ ජයවර්ධන මහතා ඝාතනය කර ඇත්තේ ඇය විසින් බවත් පොලිසිය සඳහන් කරයි.

පසුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය තමන් විසින් කරන ලද බවට ඇය පිළිගෙන තිබේ.

මීට වසර ගණනකට උඩදී නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්වූ ජයවර්ධන මහතා විවිධ කාන්තාවන් ඇසුරු කරමින් තනිවම ජීවත් වී ඇත.

නීත්‍යනුකූල බිරිඳට ජයවර්ධන මහතාගෙන් පුතුන් දෙදෙනකු සිටින අතර ඔවුහු තම මව සමඟ දෙහිවල පදිංචිව සිටිති.

67 හැවිරිදි ජයවර්ධන මහතා මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරයකු ලෙස කලක්‌ කටයුතු කර ඇත. නෙළුව ප්‍රදේශයේ මොහුට අයත් සුවිසල් නිවසක්‌ තිබී ඇති අතර මොහු එම නිවස නොයෙකුත් අකටයුතුකම් සඳහා යොදා ගෙන ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

නෙළුව ප්‍රදේශයේ පිහිටි නිවසේ සේවය කළ බාල වයස්‌කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව අත්අඩංගුවට පත්වූ මෙම නීතිඥවරයා මාස කීපයක්‌ බන්ධනාගාරගතව සිට ඇත. එම සිද්ධිය වී ඇත්තේ මීට වසර කීපයකට උඩදීය.

එම සිද්ධියෙන් පසු මොහු ගිනි අවියක්‌ ගෙන පුද්ගලයකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්ද බන්ධනාගාර ගතව සිට ඇති බව පොලිසිය පවසයි. එම නඩුව මේ වනවිටත් විභාගයේ පවතින ඒවා බව පොලිසිය පවසයි.

මාතර ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක්‌ විකුණා දැමූ ජයවර්ධන මහතා හෝකන්දර ජයගත් මාවතේ 4 පටුමගේ නිවස මිලයට ගෙන ඇත්තේ මීට මාස 6 කට පමණ උඩදීය.

සැකකරුගේ 21 හැවිරිදි තරුණ කාන්තාව මොහු එම නිවසට කැඳවාගෙන විත් ඇය සමඟ ජීවත්වී ඇත. විස්‌කි, බ්‍රැන්ඩි වැනි මිලෙන් අධික මත්පැන් පානය කරමින් මොහු ඉතාම සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කර තිබේ.

ඊයේ (7 දා) අලුයම 2.30 ට පමණ පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුමක්‌ දී ඇති සැකකාර කාන්තාව තම සැමියා නිවස ඉදිරිපිටදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කර ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව එහි ගිය පොලිස්‌ නිලධාරීහු ඝාතනයට ලක්‌වූ නීතිඥවරයාගේ සිරුර නිවස ඉදිරිපිට නවතා තිබූ වාහන දෙකක්‌ අතර තිබියදී සොයා ගත්හ.

මෙම ඝාතනය සිදු වී ඇති ආකාරය පිළිබඳව සැක පහළ කළ පොලිස්‌ නිලධාරීන් නීතිඥවරයාගේ අනියම් බිරිඳගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඝාතනයේ සුලමුල හෙළිවී තිබේ.

සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ජයවර්ධන මහතා තම නීත්‍යනුකූල සැමියා බවයි. එහෙත් පොලිසිය පවසන්නේ ඇය විවාහ වූ බවට කිසිදු සාක්‌ෂියක්‌ නොමැති බවයි.

තරුණ කාන්තාව පාපොච්චාරණයක්‌ කරමින් කියා සිටියේ තම සැමියා විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බවයි. කාලයක්‌ තිස්‌සේ තමා මොහුගේ විවිධ වධ වේදනාවන්ට ලක්‌වූ බව ද ඇය ප්‍රකාශ කර ඇත.


.



ඊයේ අලුයම 2.00 ට පමණ නින්දෙන් අවදි වී ඇති සැමියා තමාගේ සිරුර සපා කමින් තමා විවිධ වධ වේදනාවන්ට ලක්‌ කළ බව ද ඇය කියා තිබේ.

ඒ අවස්‌ථාවේ නිවසේ උඩු මහලේ සඳලුතලයේ සිටි සැමියාගේ හිසට මිටියකින් පහරදී ඔහු පහළ මාලයට තල්ලු කළ බව ද ඇය පාපොච්චාරණය කර ඇත.

පසුව සැමියාගේ සිරුර නිවසේ මිදුලේ නවතා තිබූ වාහන දෙකක්‌ අතරට දමා ලේ පැල්ලම් හෝදාගෙන පසුව පොලිසියට දැනුම් දුන් බවද ඇය ප්‍රකාශ කර තිබේ.

මෙම නීතිඥවරයා හැඳුනුම්පත් දෙකක්‌ පාවිච්චි කළ අයෙකි. මොහු 1972 වර්ෂයේ ඉපදුණු පුද්ගලයකු ලෙස ද ව්‍යාජ හැඳුනුම්පතක්‌ සාදා ගෙන සිටි අයකු වන අතර එම හැඳුනුම්පත් දෙකම පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකාර කාන්තාව තවත් කිසියම් පුද්ගලයකු සමඟ එක්‌වී මෙම ඝාතනය කරන්නට ඇති බවටද පොලිසිය සැක පහළ කරයි.






Source - http://www.gossiplankasite.com/2012/09/blog-post_8.html

Share this article with your friends