Chitika Smowtion 468x60


Sunday, September 9, 2012

හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට (දෙවන කොටස)


පසුගියදා ‘හොල්මන් ඡායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට’නම් ලිපියක් මගින් ජායාරුප තුලින් මතුවූ අත්භූත තත්වයන් නිර්මාණය වූ ආකාරය ප්‍රවීන ජායාරුප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ විග්‍රහයන් ඇසුරින් පැහැදිලි කරනු ලැබුවා.

නමුත් දිවයින පුවත්පතේ පළවූ "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය එහිදී පල නොවූ අතර එම හේතුවෙන් එම ලිපියට පිළිතුරු ලිපි අප වෙත ලැබුනේ එම ජායාරුපය ව්‍යාජ එකක් බව සනාථ කරමින්.

අපගේ ඉල්ලීමකට අනුව දිවයින පුවත්පතට සැපයු "හොල්මන් ජායාරුපය" පිලිබඳ සම්පුර්ණ විග්‍රහය ඉන්ද්‍රනාත් තේනුවර මහතා විසින් අප වෙත ලබාදී ඇති අතර පහතින් පලවන්නේ පසුගිය ලිපියේ පල නොවූ කොටසය.

කලෙකට පෙර ලංකාවේ සතර දිග් භාගය පුරා ම, විවිධ මිත්‍යා වන්දනාවන් පැතිරී ගිය යුගය ඔබට මතක ඇතැයි සිතමි. එකල අතිශයින් ජනප්‍රිය වූයේ බෝ ගස් වෙතින් විවිධ රූප පෙනෙනවාය යන මනෝ භ්‍රාන්තියයි.

එය වඩ වඩාත් ජනතාව අතර ප්‍රචලිත කරවූයේ සංචාරක වෑන් රථ හිමියන් ය. එකවර දහ පහළොස් දෙනෙකු එකතු කර ගෙන, ගතමනාවක් සොයා ගන්නා අටියෙන් ම ඔවුහු මේ වන්දනාව වාර ගණනාවක් කරා වර්ධනය කරන්නට තරම් සට කපට විය. අවසානයේ බලූ බල්ලෙක්වත් ඒ අහළ පහළට නොයන තරමට එය නිෂක්‍රීය වී ගියේ ය.

ඊට පසු ආවේ පිරිත් පැන් ය. එය එතරම් ම කළක් අල්ලා නොසිටියේ අවසන එහි බොරුව සහසුද්දියෙන් ම සමාජ ගත වූ නිසා ය.

නිවන ගැන පොත් කියැවීම ද, ධනාත්මක චින්තනය ද රැල්ලක් ලෙස පැතිර ගියේ ඊටත් පසුව ය. විකාර රූපී රූප වන්දනාව ද, විවිධ වස්තූන්ගෙන් බුදු රැස් විහිදීම ගැන ද, රාවණා කතන්දර ද දැන් අප පසු කරමින් හමා යන්නේ ය. අන්තර්ජාලය සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වීමත් සමග, ඡායාරූපවලට හසු වන දේවතා එළි ද, විවිධ භූත රූප ගැන ද මහා කතන්දර ගොඩ නැගෙමින් පවතී.

මිනිසා මානසික ව මෙන් ම ආර්ථීක ව ද, අධ්‍යාත්මිකව ද පරිහානියට පත් වූ පසු මෙවන් මිත්‍යා වන්දනාවන් සහ ඇදහිලි කෙරෙහි නැඹුරුවීම ස්වාභාවික ය. එවිට ඒවා මහා පරිමාණයෙන් සිය බඩ ගෝස්තර වාදය දක්වා පෙරළා ගන්නට සමත් බොහෝ දෙනෙකුන් ද සිටිති. මේවා සමාජ ගත කර, ඊට හො`ද මාකට් එකක් සාදා දෙන්නේ ද අප අතර ම සිටින ජන මාධ්‍ය ශිල්පීන් කිහිප දෙනෙකු වීම ම කණගාටුවට කාරණයකි.

සදාචාර සම්පන්න කිසිදු නීතියකට යටත් නොවන, මොනයම් හෝ ආකාරයක වාරණයකට යටත් නැති, කිසිදු අධිකාරී බලයක යටහත් නොවන, අන්තර්ජාලයේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ද, දැන් දැන් මේ අවිචාරවත්, මිත්‍යා කතන්දර සහ බොරු බේගල් අතොරක් නැති ව ලොව පුරා ඛෙදා හරිමින් සිටිති.

මෙවන් සම්‍යප්ප්‍රලාපයක් කිසිදු වාරණයකින් තොර ව අනතර්ජාලයට මුදා හල විට, එය දැක බලා ගන්නට අප ඒ පිටුව විවෘත කර ගත යුතු වෙයි. මෙය සයිබර් භාෂාවෙන් කියන්නේ ක්ලික් කරනවා කියා ය. මේ සෑම ක්ලික් එකක් ම හිට් එකකි. මේ හිට් ගණන වැඩි වන තරමට ම ඒ වෙබ් අඩවියට ඩොලර්වලින් මුදල් ගෙවන්නට ජාත්‍යන්තර වෙළෙද ප්‍රචාරක බූවල්ලන් සැදී පැහැදී සිටිති.

එනිසා විවිධ වෙබ් අඩවි සාදා ගන්නන් තමන්ගේ සයිට් එකට හැකි තරම් "හිට්ස්" ලබා ගන්නට කරන්නේ කිසිදු හිරිකිතයක්, ලජ්ජාවක් නැති ව ගජ බින්න අතහැරීම ය. මේවා ලොව පුරා ජනප්‍රිය විවිධ සමාජ සම්බන්ධතා ජාල හරහා සැණෙන් හතර දිග් බාගය පුරා ම විසිරී පැතිරෙන අතර, සන්නිවේදන තාක්ෂණයේ හිණි පෙත්තේ තිඛෙන උපාංග භාවිතා කරමින් එය කියවන බහුතරයක් දෙනා ද කිසිදු වග විබාගයකින් තොර ව, ඊට මුලා වී, තව තවත් මේවා පතුරවන්නට උදව් සපයන්නේ ය.

මෙවැනි කිසිදු අංග පුලාවකට නැති නිස්සාර සංසිද්ධියක් දකින අපේ මුද්‍රත ජනමාධ්‍ය ද, කිසිදු වග විභාගයකින් තොර ව, දැනුම් තේරුම් ඇති කිසිවකුගෙන් හෝ ආයතනයකින් හෝ විමසීමකින් තොර ව, පිටු ගණන් පුරා පළ කරන්නට ද පෙළැඹෙන්නේ ඊට ම යාව ජීවත්වන වෙනම "රීඩර් ෂිප්" එකක් ඇති බව හොදට ම දන්නා නිසා ය.

මෑත දිනෙක මේ සිත්‍යා වන්දනාවන් ගැන කළ සුහද කතා බහකදී, සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ කියා සිටියේ බුදු හාමුදුරුවන් වහන්සේ කිසිවකුට නීති දමා බිය වද්දා නැති බැවින්, කිසිවෙක් බුදුන්ට බය නැති ව වැරදි කරන බවත්, දෙවියන් එසේ නොව, දෙවියන් වටා සිටින්නන් අද්භූත කතා කියමින්, ජනතාව බිය වද්දා ඇති බැවින්, දෙවියන් කෙරෙහි සිතෙන් හෝ වරදක් කරන්නට බිය බවත් ය.

මේ බව අපට මනා ව පෙනෙන්නේ සති අන්ත පුවත් පත්වල වෙනම අතිරේක මගින් මේ අද්භූත කතා පළ කර ඇති බව දුටු විට ය.

පසු ගිය ඉරු දිනෙක, පළ වූ මේ ඡායාරූපය දුටු විට මට තනිව ම සිනහවක් පහළ විය. එය වඩාත් නිවැරදි ව තහවුරු කර ගනු රිසියෙන්, එම ලිපිය ලියූ මා හිතවත් බුලිත සහෝදරයාට දුරකතන ඇමතුමක් දී, අදාල ඡායාරූපයේ මුල් පිටපත ද ගෙන්වා ගතිමි. එය දුටු විට මට වඩා තදින් සිනහවක් ගියේ ය.

එය ලබා ගෙන ඇත්තේ ද, වෘත්තීය නොවන, ඩිජිටල් කැමරා ආගමනයේ දෙවන අවධියේ බිහි වූ, ප්‍රෝසියුමර් Prosumer- Professional function in consumer level ගණයට අයත් සරල ඩිජිටල් කැමරාවකිනි.

පින්තූරය සදහා ආලෝකය සපයාගෙන ඇත්තේ කැමරාවේ ම ඇති පොළා පනින විද්‍යුත් ක්ෂණිකාලෝක Pop-up Electronic Flash එල්ලයෙනි. විවිධ දේවතා එළි ද, භූත රූප ද පෙනෙන්නේ ම මේ සරල ඩිජිටල් කැමරාවල මේ කුඩා පොළා පනින විද්‍යුත් ආලෝක උපක්‍රමය භාවිතා කළ විට පමණක් ම වීම ද විශේෂයකි.

දැන් අපි යළි මේ ඡායාරූපය දෙසට හැරෙමු. නූතනයේදී අප පාවිච්චි කරන්නේ ඩිජිටල් කැමරා ය. එනිසා මේ ඡායාරූවල අඩු ලූහු`ඩුකම්, මදි පාඩු සකස් කර ගන්නට පරිගණකයක පිහිටාධාරය ලැබිය යුතුම ය. මේ ප්‍රතිරූප සංස්කරණය කර ගැනීම සදහා අද අංක එක ලෙසින් ගැනෙන්නේ ෆොටෝෂොප් Photoshop මෘදුකාංගයයි.

මේ අපූරු මෘදුකාංගයේ පිහිටෙන්, විශ්වාස කළ නොහෙන තරම් වූ සංස්කරණයන් ඉටු කිරීමෙන් අප විශ්මයට පත් කරන ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම, එම මෘදුකාංගයේ කෙළ පැමිණියකුට ඉතා ම සුලූ කාර්යයක් වන්නේ ය. අදුරු පසුබිමකට වෙනත් ප්‍රතිබිම්බයක් බැස්සවීම ඊටත් වඩා පහසු ය. නමුත් මේ ඡායාරූපය ලබා ගත් අය සහ, එය බුලිත මහතා වෙත එවූ මා හොදින් හදුනන, චිත්‍ර ශිල්පී ලලිත් ගණතිලක මහතා ද මේ ඡායාරූපය කිසිදු සංස්කරණයකට හෝ ජිල්මාට් වැඩකට බදුන් නොකෙළේයැයි අපි විශ්වාස කළෙමු.

නමුත් නූතන දියුණු ඩිජිටල් කැමරා ද, පරිගණකය ද, මෘදුකාංග ද නිතර අත පත ගාන මටනම් මෙවැනි ඡායාරූපයක් මත කිසිදු ජගතෙකුට අසු නොවන පරිදි සංස්කරණයක් කිරීම ද, එය නැවත ඔප්පු කොට පෙන්වන්නට නොහැකි ලෙස සුක්ෂිත කොට දීම ද ඉතා සරල ව්‍යායාමයකි.

මේ ඡායාරූපයේ අදුරු මුල්ලේ සිටින පෝතකයා ඉස්මතු කොට බලන්නට මා භාවිතා කළේ ද මේ ෆොටෝෂොප් මෘදුකාංගය ම ය. එහි ප්‍රතිරූපයක් මත ඇති කරන ස්ථර සම්මිශ්‍රණය කරන ආකාරය Layer Blending Mode වෙනස් කිරීම මගින් ඕනෑම මන්ද අනාවරිත Under Exposed ප්‍රතිබිම්බයක් ඉස්මතු කර ගත හැකි ය.

මේ පෙනෙන්නේ එසේ සකස් කළ ඡායාරූපයයි. එහි සිටින භූත වෙස් ගත් බලූ තඩියා ඔබට හොදින් පෙනෙනු ඇතැයි මම සිතමි.

නමුත් පැහැදිලිව ම, මේ ඡායාරූපයේ පෙනෙන භූත රූපය මීට පෙර කිසියම් චිත්‍රපටයක් ස`දහා රූ ගත කරන ලද සලරුවක නිෂ්චල කරන ලද රූපයකින් උපුටා ගත්තකි. එය සීරුවෙන් මේ ඡායාරූපයේ අදුරු පසුබිමට බද්ධ කොට ඇත්තේ ය.

මේ ඡායාරූයට අමතර ව, පසු ගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ පැත්තේ පාසැලකදී දුටුවායැයි කියන තනි කකුළේ අවතාරය ගැනද යමක් කියමි. එය ඔබට වඩා හො`දින් පෙන්වීම ස`දහා මවිසින් මගේ ඩිජිටල් කැමරාව භාවිතයෙන් කතරගම කිරි වෙහෙර පාමුල දී සටහන් කර ගත් දර්ශනයක් ඉදිරිපත් කරන්නෙමි. මේ පින්තූරය මවිසින් ගන්නා ලද්දේ ම මේ සංසිද්ධිය විග්‍රහ කොට පෙන්වන්නට ය.

කිසියම් තැනෙක අඩු ආලෝක තත්ත්වයකින් ඡායාරූප ගන්නේනම්, එය කර ගන්නට හො`ද ම විකල්පය වන්නේ හැකි තරම් කලක් ද්වාරය විවෘත කොට තබා, සෙන්සරය වෙත වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම ය. එවිට කැමරාව නොසෙල්වෙන ලෙස ස්ථාවර ව තබා ගත යුතු අතර, කැමරාව ම`ද වශයෙන් හෝ සෙලවුනහොත්, ඒ සෙලැවීම ද, රූප රාමුවට හසුවන වස්තූන් චලනය වුවවහොත් ඒ සෙලැවීම ද කැමරාවේ සෙන්සරය මත මනා ව සටහන් වෙයි. එසේ වන්නේ ද්වාරය ඇරී තිඛෙන තාක්කල් වන සෙලැවීම් නිරන්තර ව සටහන් වන නිසා ය. මේ තාක්ෂණය හදුන්වන්නේ ආලෝකයේ අනුරූප්‍යතා Reciprocity Failure ලෙසිනි.

මෙවන් අවස්ථාවක, එනම් වැඩි ද්වාර කාලයක දී කිසියම් පුද්ගලයෙක් රාමුව හරහා ඇවිද යන්නේනම්, හැම විට ම බිම තබන කකුල පමණක් මනා ව සටහන් වෙයි. ඒ එය සුලූ තත්පරයක් නිශ්චල ව තිඛෙන නිසා ය. බිම තබන කකුල හැර අනෙක් කුල ඔසවා ඈතින් තබන නිසා බොහෝ විට මේ චලනය වන කකුල සෙන්සරයේ සටහන් වන්නේ ම නැති තරම් ය. උනත් එය පෙනෙන්නේ ඇදී ගිය ආකාරයෙනි.

එය ඔබට මනාව පෙනෙන්නේ මේ ඡායාරූපයේ සිටින, කතරගම කිරි වෙහෙර පාමුල සැදැහැවතුන්ගේ සුරතලකු වූ සුනඛ පෝතකයාට ද කකුල් බර ගණනක් තිඛෙන ආකාරයට සටහන් ව ඇති නිසා ය...

සොහොන් පලක් අසළින් යන විට හෝ තනි ව අ`දුරු මුල්ලක ගුලි වී සිටින විටෙක හෝ ඩිජිටල් කැමරාවක් හොල්මනකට, භූතයකුට හෝ අවතාරයකට හෝ බිය වූ වගක් ඔබ මීට කළින් අසා තිබේ ද..?? දේවතාවෙක් දැක සාදු කාර දෙන හ`ඩක් ඔබ අසා තිබේ ද..?? නැත..ඒ ඇයි..?? ඉලෙක්ට්‍රෝනික හෝ යාන්ත්‍රික කිසිවකට සිහි බුදධියක් හෝ තාර්කික මනසක් නැති නිසා ය. ඒවා තිඛෙන්නේ ඔබට ය. ඔබ බය වන්නේ ඒ නිසා ය. බිය හදුනා ගන්නේ ද ඒ නිසා ය. සත්‍යය වටහා ගන්නේ ද ඒ නිසා ය.

ඉන්ද්‍රනාථ තේනුවර
ප්‍රවීන ඡායාරූප ශිල්පි,
කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථීකාචාර්ය, ලේඛක සහ දේශක
---------------------------------------------------------------------------------

මේ පිළිබඳව අපගේ පාඨකයන්ද අදහස් පලකොට තිබු අතර "මායා" නම් අපගේ පාඨකයෙකු අප වෙත දන්වා තිබුනේ මේ ඡායාරූපය නිර්මාණය සඳහා යොදාගෙන ඇති මුල් ඡායාරූපය සටහන් වී ඇත්තේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ 2010 වර්ෂයේදී දී බවත් ඒ මුව දඩයම් කරුවකු මුවන්ගේ හැසිරීම් රටා සටහන් කර ගැනීමට වනාන්තරයේ සවිකර තිබූ කැමරාවක යන බවත්ය.

එම ලිපියේ කොටසක් පහතින්;

...ප්‍රවීණ යැයි සැලකෙන තේනුවර විසින් මේ සඳහා පාදක වූ ඡායාරූපය පිලිබඳ ඉතා රසවත් පැහැදිලි කිරීමක් කර ඇත. ඩිජිටල් කැමරා ආගමනයේ දෙවන අවධියෙන් ආරම්භ වන එම දේශනාව Pro Sume, Pop-Up Flash, Shutter Speed, Aperture සහ ISO පිළිබඳව ‘ලොකු කතා’ ප්‍රකාශ කරමින් අවසන් කර ඇත්තේ, මේ සටහන්ව තිබෙන්නේ Camera Pop-Up Flash එකට බිය වී නැගිට දුවන්නට සැරසෙන බල්ලෙකු බව අවධාරණය කරමිනුයි. දිවයිනේ බූලිතගෙන් මෙම ඡායාරූපයේ මුල් පිටපත ගෙන්වා ගත්තා නම් ‘ප්‍රවීණ’ ඡායාරූප ශිල්පියෙකු ලෙස තේනුවරට ප්‍රථමයෙන් පසක් විය යුත්තේ මෙය මුල් පිටපත නොවන බවත් පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරණ ලද්දක් බවයි. පරිගණක මගින් නිර්මිත ඡායාරූප හඳුනා ගන්නා එක් ක්‍රමයක් හෝ තේනුවර නොදන්නවාදැයි සැකයක් පහල වේ.. ... 

මේ ඡායාරූපය නිර්මාණය සඳහා යොදාගෙන ඇති මුල් ඡායාරූපය සටහන් වී ඇත්තේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ 2010 වර්ෂයේදීය. ඒ මුව දඩයම් කරුවකු මුවන්ගේ හැසිරීම් රටා සටහන් කර ගැනීමට වනාන්තරයේ සවිකර තිබූ කැමරාවකය. ඒ ඡායාරූපය සොයාගත් ලංකාවේ ගොයියෙකු පරිගණක ආධාරයෙන් බොහොම පහසුවෙන් මෙම නිර්මාණය කර ඇත. ඉන්ද්‍රනාථ තේනුවර මේ කිසිවක් සොයා නොබලා තමාගේ මතයක් ගොඩනගා එය සාධාරනීකරණය කිරීමට තාක්ෂණික උපාංග සහ ක්‍රම පෙන්වමින් පැහැදිලි අසත්‍ය තර්කයක් ගොඩනගා ඇත. 

අවසාන වශයෙන් කිවයුත්තේ වසර තිහ හතළිහක් ක්ෂේත්‍රයේ පල්වුන පමණින්ද, ලක්ෂ ගණන් වටිනා කැමරා පාවිච්චියෙන්ද, ‘පොර ටෝක්ස්’ දීමෙන්ද, තමා පවසන සෑම දෙයටම ‘එහෙයි’ කීමට පිරිසක් සිටීමෙන්ද ‘ප්‍රවිණයෙකු’ විය නොහැකි බවයි. 
- මායා














Source: http://www.gossip9.com/2012/09/blog-post_2031.html#ixzz25mbYuIUI

Share this article with your friends