ඒ අනුව එල්ලාවල මේධානන්ද හිමියන් මෙය නිගණ්ඨ කතාවක් ලෙස හදුන්වා දී තිබුන අතර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී සහ අස්ගිරි මහාවිහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ ආනන්ද හිමියෝ විසින් ප්‍රකාශ කර තිබුනේ විපක්ෂ නායකවරයා "කපිලවස්තු ධාතුන්" හට අපහාස කල බවයි.
නමුත් තමා විසින් එම ප්‍රකාශ සිදු කිරීමට හේතුවූ කරුණු විපක්ෂ නායකවරයා විසින් පසුගියදා මඩකලපුවේදී පැවති රැලියකදී මෙසේ ප්‍රකාශකොට සිටියා.
"සාක්කි සහිතව ඉතිහාසගතවී තිබෙන මුළු ලෝකයම පිළිගත් සහ ගරු කරන ශ්‍රී ධන්ත ධාතුවට බෝම්බ ගැසූ පුද්ගලයා නැගෙනහිර මහා ඇමති ධුරයට නම් කරලා..ඒක හින්දා කපිලවස්තුන් ධාතුන් ගැන කල විස්තරය ගැන මට චෝදනා කිරීමෙන් පලක් නැහැ.කපිලවස්තු ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් ලෙස නේපාලය පිළිගන්නේ නැහැ.
ජගත් විශේෂඥයින්ද සිටින්නේ ඒ මතේ. ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව කලේ 1978 දී තමයි ඒ ධාතුන් වහන්සේලා නියම සර්වඥ ධාතුන් වහන්සේලා ලෙස පිළිගැනීමෙන් අනතුරුව මෙරටට වැඩමකරවිමෙන් පසුව තිබුණු මතභේදාත්මක අර්බුදය සමනය වුනේ.
නිධන්ගතව තිබුණු කරඬු පහ ඇතුලේ රහතුන් වහන්සේලාගේ ධාතුන් තිබෙන බව එදා සමහරුන් කිව්වා. තවත් සමහරු කරඬු වල තිබෙන්නේ අග්‍රශ්‍රාවයකයන්ගේ ධාතුන් සහ බුදුන් වහන්සේගේ ධාතුන් බවට පසුව ලැබුණු වාර්තා මගින් ප්‍රකාශ කළා.
මම මේ කියන කරුණු සම්බන්ධයෙන් කපිලවස්තු ධාතුන් පිලිබඳ සම්පුර්ණ විස්තර ඇතුලත් චාල්ස් ඇලන් නමැති ඉතිහාසඥයා 2009 දී ලියු "ද බුද්ධ ඇන්ඩ් ඩොක්ටරපුර" ග්‍රන්ථයේ සඳහන් වනවා "
Source: http://www.gossip9.com/2012/09/blog-post_1575.html#ixzz25fxeUGlN