Chitika Smowtion 468x60


Thursday, September 6, 2012

හොල්මන් ජායාරූපකරණ මිත්‍යාවෙන් ඔබ්බට

පසුගිය 26 වනදා ඉරිදා දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ අත්භූත ජායාරුපයක් ගැන සිදුවීමක් පලවී තිබුණි.

එහිදී එම ජායරුපයේ අත්භූත රුවක් ජායරුපගත වී තිබුන අතර ලිපියෙන් ඒ පිළිබඳව ඉස්මතුකොට තිබුණි.

එම ජායාරුපය පිලිබඳ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රථමයෙන් දිවයින පුවත්පතේ පළවූ එම ලිපියෙන් කොටසක් සහ එම ජායාරුප පහතින් බලන්න.



පුවත්පතේ පලවූ ලිපියෙන් කොටසක් මෙසේය

"මේ පින්තූරය මට ලබා දුන්නේ මා මිත්‍ර ලලිත් ගුණතිලක මහතාය. චිත්‍ර ගුරුවරයකු, චිත්‍ර ශිල්පියකු මෙන්ම ප්‍රකට ඡායාරූප ශිල්පියකු ද වන ඔහු මේ ඡායාරූපය මාහට ලබාදී මෙසේ විස්‌තර කළේය.

"මේකේ ඉන්නේ මගේ ගෝලයකුයි එයාගේ යාළුවෝ කට්‌ටියකුයි. මෙයාල මේ පසුගිය සතියක ගිහින් තියනවා නකල්ස්‌ කඳුවැටිය පැත්තේ 
ට්‍රිප් එකක්‌. කන්ද නැගගෙන නැගගෙන උඩට යද්දී රෑ වෙලා. ඒ අතරේ වාහනේ හීට්‌ කරන්න පටන් අරන්. වාහනේ නිවෙනකන් ටිකක්‌ නතර වෙලා ඉන්න අතරතුර එතන හිටපු කෙනෙක්‌ ඩිජිටල් කැමරාවකින් ඡායාරූප කීපයක්‌ අරන් තියෙනවා. 

කොළඹ ඇවිල්ලා ඒවා බලනකොට තමයි ඡායාරූපයේ පැත්තක පැහැදිලිවම තියෙන මේ ඡායාව මෙයාලා දැකලා තියෙන්නේ. ඡායාරූපය මට ගෙනත් පෙන්නුවේ මෙහෙමත් දේවල් ඡායාරූප ශිල්පය තුළ වෙන්න පුළුවන්ද කියලා අහල දැනගන්න
".

මෙවන් ජායාරුප පිලිබඳ මිත්‍යා මත ඇතිකරගැනීම වෙනුවට එම මත දුරුකිරීම වස් ප්‍රවීන ජයාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා විසින් එම ජායාරුපය පිලිබඳ සිදුකරනු ලැබූ විග්‍රහය පහතින් පල කරන්නෙමු.
 

මහනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය සිසුවියක් දැන් අවතාරයක් ලෙස සැරිසරන බව කියන සිද්ධිය සම්බන්ධව පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්විය.

එම පුවත සත්‍යයක් සේ ඉදිරිපත් කල රිවිර පුවත්පතේ ලිපිය හේතුවෙන් බොහෝ දෙනා එම සිදුවීම විශ්වාස කරන්නට පටන්ගත් අතර ඉන් වඩාත් අගතියට පත්වුයේ අකාලයේ රිය අනතුරකින් මිය ගිය සිසුවියගේ දෙමාපියන්ය.

මෙම ජායාරුපය පළවීමෙන් පසුව බොහෝ දෙනා විවිධ මත පලකරන්න වූ අතර එම මිය ගිය සිසුවියගේ කැපූ පාදය කුමක්ද යන්න පවා සොයා මෙය බොරුවක් බව පෙන්වීමට විවිධ පාර්ශව ඉදිරිපත්වී තිබුණි.

නමුත් මෙම සිදුවීම එතරම් දුර ගෙන යා යුත්තක් නොවේ. එදිනෙදා ජායාරුප ගන්න ඔබ පවා රාත්‍රියේ ජායාරුප ගන්න විට එවන් අත්දැකීම් වලට මුහුණ පාන බව අප කව්රුත් හොදින් දන්නා කරුණකි.

සමාජය ඉදිරියේ අප අවමානයට ලක්වෙලා - මියගිය සිසුවියගේ මව

"අවිනීත රියදුරෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුනේ අපි ඇහැක් වගේ රැක බලාගත්තු ආදරය කරුණාව දැක්වූ දියණියයි. දියණියගේ අකල් වියෝවෙන් පස්සේ මමත් සැමියාත් තවමත් ඇය සිහි කරමින් කඳුළු බොනවා. අපේ ජීවිතවලට සදහටම කඳුළක් උරුමකර දෙමින් මියගිය ඒ දියණිය වෙනුවෙන් වැගිරෙන කඳුළු මකන්න කිසිම කෙනෙකුට බැහැ.

මේ කතාව මුල්කරගෙන අපට දැන් සමාජය ඉදිරියේ බොහෝ අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. මේ ප‍්‍රශ්නය නිසා අපි මානසික වශයෙන් ලොකු පීඩනයකට පත්වෙලා ඉන්නේ. සමහරු කිසිම පදනමක් නොමැතිව මේ වගේ කතා කීවත් බුද්ධිමත්ව සිතන පතන අය මේවා පිළිගන්නේ නැහැ. ඒ බව අප හොඳින්ම දන්නවා.

මියගිය අපේ දියණියට මේ විදිහට අවමන් කරන්න එපා. කිසිම මව්පියෙකුට මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා කියා අපි මුළු හදින්ම ප‍්‍රාර්ථනා කරනවා. මගේ දියණිය අවතාරයක් වෙලා සැරිසරන්න තරම් පව්කරලා නැහැ. ඇය බොහෝම විනීතව කීකරුව ජීවත්වූ නිසා මා නැවත නැවතත් කියනවා.

අපි දෙන්නාට අහිමිවුණේ මිල කළ නොහැකි ආදරණීය දියණියක්. ඇය අපට පමණක් නොව සොහොයුරියන්ට, යෙහෙළියන්ට, ගුරුවරුන්ට විතරක් නෙමේ ඇයගේ ජීවිතයටත් ආදරය කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද අවතාරයක් වෙන්නේ
"

එම ජායාරුපය පිලිබඳ ප්‍රවීන ජායාරුප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ විග්‍රහය 

"අඳුරු ස්ථානයක ඡායාරූපයක් ගන්නා විට සාමාන්‍යයෙන් කැමරාව ස්වයංකී‍්‍රයව අඩු ද්වාර වේගයක් හෙවත් අඩු ෂටර් ස්පීඞ් එකක් භාවිත කරනවා. ඒ වගේම අඩු ආලෝකයක් ඇති ස්ථානයකදී වැඩි ආලෝකයක් කැමරාවට ගැනීම සඳහා ස්වයංකීයවම කැමරාවේ කාච විවරයත් විශාල කරගන්නවා. ඒ වගේ වේලාවකදි ඇතැම් විට කාච ද්වාරය හෙවත් ෂටර් එක විවෘතව පවතින කාලය තත්පරයෙන් 15 එකක්, 10 න් එකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක් විය හැකියි. 
ඉතින් මේ වගේ වෙලාවට අපේ ශරීරයේ ඇති සාමාන්‍ය කම්පන, අත වෙවිලීම හෘද ස්ඵන්දනය ආදිය නිසා ඡායාරූපය යම් පමණකට වෙව්ලන ස්වරූපයෙන් සටහන් වනවා. එවැනි අවස්ථාවකදී යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් චලනය වූවානම් එය සටහන් වන්නේ බොඳවූ රූපයක් වගේ. ඇතැම් විට පුද්ගලයකුනම් හඳුනාගන්නටවත් බැහැ. මහනුවර බාලිකා පාසලේ අවතරායත් එවැන්නක්.

එදින පැහැදිලිවම හෙදියන් රාතී‍්‍ර නවාතැන් ගත්බව සඳහන් වනවා. මේ ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ නිල ඇඳුමින් සිටි හෙදියක් ඡායාරූපය ගත් ස්ථානය හරහා ගමන් කළ මොහොතක්. කෙනෙක් ගමන් කරන විට එක් කකුලක් තත්තපර කිහිපයක් ස්ථාවරව පොළව මත තිබියදී අනෙක් පාදය ඔසවනවා. නැතිනම් එය යම් වේගයකින් චලනය වෙනවා.

වැඩි වේලාවක් කැමරාවේ ස්වයංකී‍්‍ර දොර විවෘතව තිබීමත් විශාල කාච විවරයක් තිබීමත් හේතුවෙන් මේ චලනය වන පාදය ඡායාරූපයේ සටහන් වන්නේ නැහැ. ගමන් කරමින් සිටි තැනැත්තා හෝ තැනැත්තිය සටහන් වන්නේත් බොඳවූ රූපයක ආකාරයෙන්. සිදුවී ඇත්තේ මේ දෙය විනා මියගිය සිසුවියකගේ අවතාරයක් කැමරාවේ සටහන් වීම නොවේ."

ආන්දෝලනයට ලක්වූ එම ජායාරුපය 


ඉහත කතාව සත්‍යයක් නම් උසේන් බෝල්ට් ද අවතාරයකි.



මීට පෙර කළා වැවේ අහසේ රාවණාගේ දඬුමොණරය ලෙස ප්‍රසිද්ධියට පත්වූ ජායාරූපයේ සිටින්නේ කැමරාව ඉදිරියෙන් පියාසර කළ කුරුල්ලෙකු බවයි පැවසෙන්නේ.

































Source: http://www.gossip9.com/2012/09/blog-post_302.html#ixzz25g08EITD

Share this article with your friends