Chitika Smowtion 468x60


Monday, October 22, 2012

කෝටි 5ක වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයෙන් ලංකා පුවත්පතට නඩු

ලංකා පුවත්පතේ පසුගියදා පලවූ ලිපි දෙකක් මගින් ඔහුගේ කිර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් ලක්ෂ 510 ක් වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද විසින් ලංකා පුවත්පතට නඩු පවරා ඇත.

එම පුවත් පත පලකරන සිමා සහිත ලංකා ෆාස්ට් පබ්ලිකේෂන් වෙත පැවරූ එම නඩුවට හේතුවී ඇත්තේ "එකසිය අටක් මැරූ දේව පුත්‍රයාගේ වැඩකිඩ" හා "කාලි අම්මට නොපෙනන ගාල්තැන්නේ දුෂණ" යන ලිපි දෙකක් මගින් ගාල්තැන්න දේවාලයේ දූෂණ රටට හෙළි කිරීමයි.


මෙයට පෙර ගාල්තැන්න දේවාලයේ කපු මහතා විසින් ඔහුගේ නිරුවත හෙළි කල නෙත් එෆ්.එම් ගුවන් විදුලිය භංග වීම සඳහා විශේෂ පුජාවක් සිදු කල අතර එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද තැන නෙත් එෆ්.එම් වෙත මිලියන 50 ක වන්දි නඩුවක් පවරා ඇත.

පසුගිය 7 වැනිදා ඉරිදා ලංකා පත‍්‍රයේ පලවූ "දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා- නිළමේ සියලූ දේපළ විකුණං කනවා" යන ලිපිය දියවඩන නිළමේවරයාගේ දූෂණ ක්‍රියා හෙළිකළ අතර ඒ සමඟම රට වටා ඇලවූ "දෑලගේ දළදා කොල්ලය" නම් පෝස්ටර පිළිබඳව මල්වතු හිමියන් විසින් ලිපියක් මඟින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහගෙන් වෙත දන්වා ඇත්තේ එමඟින් දළදා වහන්සේට අගෞරවයක් වූ බවයි.

දියවඩන නිළමේවරයාගේ දූෂණ පිළිබඳව හෙළිකිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් නොවන අතර වඩා වැදගත් වන්නේ දළදාමාලිගාවේ මුදල් හා දේපළ වංචා නොකර සිටීමයි.







Source: http://www.gossip9.com/2012/10/5.html#ixzz29phSii78

Share this article with your friends