Chitika Smowtion 468x60


Monday, October 22, 2012

Dish TV ඉදිරියේදී ලංකාවට

ඉන්දියාවේ විශාලතම චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා විකාශයන් ලබාදෙන ආයතනයක් වන Dish TV ආයතනය ලංකාවේද ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් වෙනවා.

ඒ සඳහා ඔවුන් 
ඉන්දියන් රු. මිලියන 700ක් (ලංකාවේ රුපියල් බිලියන 1.7ක් පමණ) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේ SAT NET (Pvt) Ltd ආයතනය හා සහයෝගීතා ගිවිසුමක් සමඟයි. එම ආයතනය මීට පෙර හඳුන්වනු ලැබුවේ Star TV Lanka Pvt. Ltd ලෙසයි 

සැට් නෙට් ලංකා ආයතනයේ සභාපති වන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ල මහතාය.


මෙම ව්‍යාපාර කටයුතු වලින් 70%ක අයිතිය ඩිෂ් ටී.වී ලංකා තබාගන්නා අතර ඉතිරිය අයත් වන්නේ සැට් නෙට් ලංකා ආයතනටයි. සැට් නෙට් ලංකා ආයතනය Dish TV ලංකා ආයතනය හා එක්ව ලංකාවේ විකාශන කටයුතු සඳහා අවසර ලබාගන ඇත්තේ පසුගිය අප්‍රේල් 25වනදාය.

ඉන්දියාවේ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා සඳහා සමාන්‍ය මාසික ගාස්තුව ඩොලර් 3-4 අතර ප්‍රමාණයක් වෙද්දී ලංකාවේ මාසික ගාස්තුව ඩොලර් 9ක් පමණ වීම ඔවුන් මෙහිදී සැලකිල්ලට ගන්නා නිසා ඉන්දියාවේ තරම් ලංකාවේ මාසික ගාස්තුව ලාභ නොවනු ඇතැයි පැවසේ.

කෙසේවුවද මේ වනවිට ඩිෂ් ටීවී රිසීවර් හරහා ලංකාවේ සිට එම නාලිකා නරඹන්නන් විසින් HD නාලිකා 40ක් සමඟ සාමාන්‍ය රූපවාහිනී නාලිකා 278ක් සඳහා ගෙවනු ලබන්නේ රු. 1400කට (INR 560) ආසන්න මුදලකි. (5.1 ශබ්ධය සහිත එක් නාලිකාවක් හා Full HD නාලිකා 12ක් එහි අඩංගුය). ඩයලොග් ටීවී සාමාන්‍ය නාලිකා 70ක මිලද ඊට වඩා බොහෝ වැඩිය

නීතිවිරෝධී අන්දමින් රූපවාහිනී නාලිකා විකාශය කිරීම නිසා CBN Sat ආයතනය සීල් තැබීමෙන් පසු 2006 වසරේ නොවැම්බර් මාසයේදී එම ආයතනය ඩයලොග් ටෙලිකොම් විසින් මිලියන 528ක් ගෙවා ලබාගන්නා විට 28,000ක පමණ පාරිභෝගිකයන් ඔවුන් සතුව සිටි අතර මේ වනවිට එම ඩයලොග් ටී.වී පාරිභෝගිකයන් සංඛ්‍යාව 200,000ක් දක්වා වර්ධනය වී සිටී.

එමෙන්ම ඔවුන්ගේ වත්කම්ද බිලියන 2.4දක්වා වර්ධනය වී ඇති අතර එය වාර්ෂිකව 18%ක වර්ධනයකි.

මේ වනවිට ඉන්දියාවේම ඩිෂ්ටීවී වෙන ඇස යොමිවී තිබෙන්නේ ඔවුන් විසින් Dishitization ලෙස නව සේවාවක් හඳුන්වාදීමත් සමඟයි. මෙම ක්‍රමය යටතේ කිසිදු ගෙවීමකින් තොරව නාලිකා 70ක් ජීවිත කාලය පුරා නොමිලේ නැරඹිය හැකිය.

රූපවාහිනී නාලිකා 50ක් හා රේඩියෝ නාලිකා 20ක් එමඟින් සැපයෙන අතර මෙය වලංගු වන්නේ දිල්ලි, මුම්බායි, කල්කටා, චෙන්නායි යන නගර සඳහා පමණි.










Source: http://www.gossip9.com/2012/10/dish-tv.html#ixzz29pklB4oq

Share this article with your friends