Chitika Smowtion 468x60


Monday, October 22, 2012

මෙවර ශිෂ්‍යත්වයෙන් 90%ක් ෆේල්

පසුගිය අගෝස්තු 26වනදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 310,329 දෙනු පෙනී සිටි අතර එයින් සමත්වී තිබෙන්නේ 33,383කි.

එනම් අසමත්වූ සිසු ප්‍රතිපලය 89.24% කි.

මෙවර සමත්වී ඇති ප්‍රතිශතය 10.76ක් වන අතර එම අගය පසුගිය 2011 වසරේ 10.38කි.


එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 50 බැගින් මුළු ලකුණු 100ට වැඩියෙන් ලබාගන ඇත්තේ 39.38%කි.

එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 35 බැගින් මුළු ලකුණු 70ට වැඩියෙන් ලබාගන ඇත්තේ 64.39%කි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම සාධන මට්ටමක් දැකිය හැකි පලාත වනුයේ වයඹ පලාතයි. එහි කඩයිම් ලකුණු ඉක්මවූ ශිෂ්‍යත්වය සමත් ප්‍රතිශතය 44.8%කි. ලකුණු 70 ඉක්මවූ ප්‍රතිශතය 70.42%කි.

දෙවෙනි පලාත වන්නේ සබරගමු පලාත වන අතර එහි සමත් ප්‍රතිශතයා 11.81%ක්වේ.

තෙවෙනි පලාත වන්නේ දකුණු පලාතයි. එහි සමත් ප්‍රතිශතය 11.21%කි.

පහළම සාධන මට්ටම ඇත්තේ උතුර, නැගෙනහිර හා මධ්‍යම පලාත තුලයි.








Source: http://www.gossip9.com/2012/10/90.html#ixzz29q7oyH5H

Share this article with your friends