Chitika Smowtion 468x60


Saturday, November 3, 2012

ඛනිජ සම්පත් සොයා සැහැල්ලු ගුවන් යානයකින් ලංකාවේම භූමිය ගවේශනය කිරීමට යයි.

මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගන ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සෙවීම පිළිබඳව පුළුල් ගවේශනයක් (Airborne Geophysical Survey) සිදුකිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය බලාපොරොත්තු වෙනවා.

අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ද ඉදිරියේදී මෙහි පැමිණීමට නියමිතයි.


වසර 1 1/2ක කාලයක් ගතවන මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

මෙම ගවේශනය කඳුරට ප්‍රදේශයේ සිදුකිරීමේදී හෙලිකොප්ටර් යානයක් යෙදවීමටද සැළසුම් කර තිබේ.

ලංකාව කොටස් 6කට බෙදා කරන මෙම ගවේශනය මඟින් පොළව යට ඇති වටිනා ඛනිජ සම්පත් හා ඒවා ඇත්තේ කුමන ගැඹුරකින්ද යන්න හඳුනාගැනීමට නියමිතයි.

කුඩා ප්‍රදේශයක පොළව යට ජලය ඇත්දැයි දැනගැනීමට හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය ඇත්දැයි බලාගැනීමට ගවේශන (Geological mapping) මීට පෙර කර ඇතත් මුළු ලංකාවම ආවරණය වන පරිදි ගුවන්යානයක් යොදාගන භූගර්භය ගවේශනය කරන පළමු අවස්ථාව් මෙයයි.

පෘතුවිය මතුපිට ඇතු වස්තූන්ගේ ඝනත්වය එක සමාන නම් එහිදී ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් භූ ගර්භයෙන් ලැබිය යුතු අතර වෙනස් ඝනත්ව සහිත වස්තූන් නිසා පෘෂ්ඨයේ චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම මෙමඟින් සැලකිල්ලට ගැනේ. 










Source: http://www.gossip9.com/2012/11/blog-post_9827.html#ixzz2BBM0wF7H

Share this article with your friends