ඉකුත් සතියේ දී ආණ්ඩුවේ වැඩි අවධානය යොමුව තිබුණේ අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම පිළිබඳවය. කෙසේ නමුත් මෙය එක්වරම මතුවූ තත්ත්වයක් නොව මාස කිහිපයක් පුරා පැවැති ගැටලුවක් අවසානයේ දී පුපුරා යාමයි. අග්‍රවිනිශ්චය කාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල කරන බවට ආරංචි ඉකුත් මාස දෙකක පමණ කාලයක් පුරා නිල නොවන මට්ටමින් පැතිර තිබුණි. මීට මාස දෙකකට පෙර පළාත් සභා ඡන්දය අවසන්වීමෙන් පසු පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී එක් මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ මේ මොහොතේ එහෙම දෙයක් කරන්නේ නෑ. යනුවෙනි. කෙසේ නමුත් ප්‍රශ්නය පුපුරා ගියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් ඇති බවට නිකුත් කළ නිවේදනයත් සමගය.
අනතුරුව ආණ්ඩුවේ ඉහළම සාකච්ඡාවලදී මෙන්ම ආණ්ඩු පක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවලදීද ප්‍රධාන මාතෘකාවක් වූයේ අග්‍රවිනිශ්චයකාරවරිය හා ගැටුම් පිළිබඳවය. මේ අතරේ ආණ්ඩුව අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට වෙනම කමිටුවක් පත් කරනු ලැබිය. අග්‍ර විනිශ්චයකාර ධුරයට සුදුස්සෙකු පත් කරන්නේ ජනපතිවරයා වුවද ඔහුව හෝ ඇයව ධුරයෙන් පහ කිරීමට ජනපතිවරයාට නොහැකිය. එය සිදු කළ හැක්කේ අයථා පැවැත්ම හෝ දුබලතා යන චෝදනා මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් සාමාන්‍ය වැඩි ඡන්දයකින් අනුමත කර ගැනීමෙනි.
මේ අනුව ආණ්ඩුවේ නායකයන් තීරණය කළේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කර අග්‍රවිනිශ්චයකාරවරියව ධුරයෙන් පහ කිරීමට කටයුතු කළ යුතු බවයි. එම තීරණය ගැනීමෙන් පසු අග්‍රවිනිශ්චයකාරවරියට එල්ල කළ හැකි චෝදනා රැස් කිරීම සඳහා අමාත්‍යවරු, මෙරට ඉහළ පෙළේ නීතිඥවරු කිහිප දෙනෙක්, දැනට නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් සහ විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායමකට මේ කටයුත්ත භාර දුන්හ.
තව ඉවසමු යැයි වාසු කියයි
මෙසේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගය සඳහා චෝදනා ගොනු කරන අතරේ ඉකුත් සඳුදා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. මෙහිදී දෝෂාභියෝගය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙහිදී විවිධ මත ඉදිරිපත් වුවද සියලු මතවල පොදුවේ එකඟතාවයක් වූයේ පවතින තත්ත්වය මත ශේ්‍රෂ්ඨාධිකරණය සමග කටයුතු කිරීමට ආණ්ඩුවට අපහසු බවය. එබැවින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම උචිත බවත්ය. මෙහි දී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඉක්මන් නොවී තවදුරටත් ඉවසා බැලිය යුතු බවය. කෙසේ හෝ අවසානයේ සියලු දෙනා තීරණය කළේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමටය. ඊළඟට සාකච්ඡා වූයේ දෝෂාභියෝගයට අත්සන් කරන්නේ කවුද යන්න පිළිබඳවය.
හෙළ උරුමය අත්සන් නොකරයි
පක්ෂ නායක රැස්වීම අවසන්වීමෙන් පසු දෝෂාභියෝගය සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම ආරම්භ විය. ඒ අනුව සෑම පක්ෂයක්ම නියෝජනය කරමින් මන්ත්‍රීවරු 117 දෙනකුගේ අත්සන් පැය 48ක් ඇතුළත දී ලබා ගන්නා ලදී. කෙසේ නමුත් අතුරලියේ රතන හිමියන් විදේශගතව සිටි බැවින් ජාතික හෙළ උරුමයෙන් කිසිවකු එයට අත්සන් තැබුවේ නැත.
මෙසේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගය සඳහා චෝදනා ගොනු කරන අතරේ ඉකුත් සඳුදා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. මෙහිදී දෝෂාභියෝගය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙහිදී විවිධ මත ඉදිරිපත් වුවද සියලු මතවල පොදුවේ එකඟතාවයක් වූයේ පවතින තත්ත්වය මත ශේ්‍රෂ්ඨාධිකරණය සමග කටයුතු කිරීමට ආණ්ඩුවට අපහසු බවය. එබැවින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම උචිත බවත්ය. මෙහි දී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඉක්මන් නොවී තවදුරටත් ඉවසා බැලිය යුතු බවය. කෙසේ හෝ අවසානයේ සියලු දෙනා තීරණය කළේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමටය. ඊළඟට සාකච්ඡා වූයේ දෝෂාභියෝගයට අත්සන් කරන්නේ කවුද යන්න පිළිබඳවය.
හෙළ උරුමය අත්සන් නොකරයි
පක්ෂ නායක රැස්වීම අවසන්වීමෙන් පසු දෝෂාභියෝගය සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම ආරම්භ විය. ඒ අනුව සෑම පක්ෂයක්ම නියෝජනය කරමින් මන්ත්‍රීවරු 117 දෙනකුගේ අත්සන් පැය 48ක් ඇතුළත දී ලබා ගන්නා ලදී. කෙසේ නමුත් අතුරලියේ රතන හිමියන් විදේශගතව සිටි බැවින් ජාතික හෙළ උරුමයෙන් කිසිවකු එයට අත්සන් තැබුවේ නැත.
දෝෂාභියෝගයේ අවසන් කෙටුම්පත් සකස් කිරීම ජනාධිපති නීතිඥවරු කීපදෙනකු හා දේශපාලනඥයින් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් ඉකුත් බදාදා හවස අරලියගහ මන්දිරයට නොදුරු ස්ථානයක දී ආරම්භ විය. එය අවසන් වූයේ බ්‍රහස්පතින්දා උදෑසන 4.30ට පමණය. ඒ වන විට දෝෂාභියෝගය කථානායකවරයාට භාරදීමට සුබ නැකතක්ද බලා තිබුණි. එය යෙදී තිබුණේ බ්‍රහස්පතින්දා උදෑසන 10.12ටය. දෝෂාභියෝගය කථානායකවරයා වෙත භාර දීම ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ යන මැති ඇමැතිවරුන්ට පැවරුණි. ඔවුන් බ්‍රහස්පතින්දා උදෑසනම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට පැමිණ අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මුණගැසී සාකච්ඡා කර දෝෂාභි-යෝගය රැගෙන ගොස් කථානායකවරයාට භාර දුන්හ. අනතුරුව ඔවුහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වී නැවත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව මුණගැසුණෝය. බැසිල් මුණ ගැසීමෙන් පසු ඔවුන් පස්දෙනා අරලියගහ මන්දිරයට ගොස් ජනපතිවරයාද මුණ ගැසුණහ. මේ කතා බහේ දී ජනපතිවරයා මෙසේ පැවැසුවේය.
පාර්ලිමේන්තුවේ ශක්තිය
සියලු ආයතනවලින් පාර්ලිමේන්තුව තමයි ශක්තිමත්ම. පාර්ලිමේන්තුවට පුළුවන් විධායකය වන මාව වුණත් අයින් කරන්න. ඒත් කවුරුත් පාර්ලිමේන්තුවේ ශක්තිය තේරුම් අරගෙන නැහැ. ජනපතිවරයා පැවැසුවේය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳව කථානායකවරයා ලබන 6 වැනිදා පාර්ලි-මේන්තුවේදී සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙවර කැබිනට් හමුව ඉකුත් බදාදා රාත්‍රී 7.30 ට අරලියගහ මන්දිරයේ දී රැස් විය. මෙදින කැබිනට් පත්‍රිකා 59ක් ඉදිරිපත් කර තිබූ අතර එය මෙම වසරේ ඉදිරිපත් වූ වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයෙන් තුන්වැනි තැන ගනී. ජනපතිවරයාද රාජ්‍ය ආරක්ෂක හා නාගරික අමාත්‍යංශය යටතේ කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කළේය. ඒ අතරේ දුරකථන, රූපවාහිනී හා ගුවන් විදුලි ඇන්ටනා පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අවට කලාපය ජනාධිපති චතුරස්‍රය ලෙස සංවර්ධනය කිරීම සඳහා ලංකා බැංකුවට පැවැරීම, කොළඹ කොටුවේ ට්‍රාන්ස් වර්ක් ගොඩනැගිල්ල සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවැරීම හා කොළඹ හා අවට ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබිය. අමාත්‍ය බැසිල් රාජපක්ෂද කල්පිටියේ උච්චුමුනේ දූපත අධි සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට පැවැරීම සඳහා පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා වැවිලි සමාගම් යටතේ පවතින මුඩු ඉඩම්වල මැණික් ගැරීම සිදු කිරීම සඳහා පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බි. රත්නායක ත්‍රිරෝද රථ සේවා නියාමනය කිරීම පිළිබඳව පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ ගැන ජනපතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.
කරන දෙයක් ත්‍රිරෝද රථ හිමියන්ට තවත් බර නොවැටෙන්න කරන්න. මොකද ඒගොල්ලෝ අමාරුවෙන් ජීවත්වන අයනේ.
හමුදාවේ තිදෙනෙක් නියෝජ්‍ය තානාපතිවරුන් ලෙස
අමාත්‍ය ජී.එල්. පීරිස් රටවල් තුනක නියෝජ්‍ය තානාපතිවරුන් තිදෙනකු පත්කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එහි විශේෂත්වය වූයේ ඔවුන් තිදෙනාම හමුදා නිලධාරීන්වීමය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දකුණු අප්‍රිකාවටද, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න බ්‍රසීලයටද , මේජර් ජෙනරාල් ජගත් අල්විස් ඊශ්‍රායලයටද පත්කිරීමට තීරණය විය.
ආණ්ඩුවේ හොඳක් ගැන චන්ද්‍රිකා කියයි
ඉකුත් සති අන්තයේ අත්තනගල්‍ලේ භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. හිටපු ජනපතිනිය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට මෙසේ පැවැසුවේය.
පළාත් පාලන ඡන්දය සමානුපාතික ක්‍රමයට තියන්න ගෙනාපු පනත නම් හොඳයි. මට පුදුමයි මේක ගෙනාපු එක ගැන. මං හිතුවේ නැහැ ආණ්ඩුව මෙහෙම දෙයක් කරයි කියලා. මොකද සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව හොඳ දේවල් කරනවා අඩුයිනේ.
මැඩම් මේ බැසිල් ඇමැතිතුමා තමා ඔය පනත ගේන්න මහන්සි වුණේ ලසන්ත අසල සිටි බැසිල් අමාත්‍යවරයාව පෙන්වූයේය.
ආ ඇත්තද ඒක හොඳ වැඩක් බැසිල්. ඔය වැඩේ පටන් ගත්තේ මගෙ කාලෙදී. මම ඇමැතිවරු කිහිප දෙනකුට බාර දුන්නා ඕක කරන්න. හිටපු ජනපතිනිය බැසිල්ට පැවැසුවාය.
ආ ඒක තමයි මට ලසන්ත කීවා. ඔබතුමියගේ කාලේදී මහන්සි වුණා කියලා. ඒ හින්දා මේ පනත ගේන්න ලසන්තත් මට උදව් කළා. බැසිල් හිටපු ජනපතිනියට පැවැසුවේය.
ජනපති හා සරත් එන්. සිල්වා අතර සුහද කතාබහක්
ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රවිනිශ්චය කාර සරත් එන්. ද සිල්වා වර්තමානයේ දී විරසක වී සිටියද අතීතයේ දී සමීප මිතුරන්ය. ජනපතිවරයාගේ විවාහයේදී දෙවන මනමාලයා වූයේද සරත් එන්. ද සිල්වාය. කෙසේ නමුත් මෑත කාලයේ දෙදෙනා හමු වූයේ නැත. එහෙත් පසුගිය සතියේ දී අහම්බයෙන් දෙදෙනා මුණ ගැසුණේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු රාජා වනසුන්දරගේ අවමංගල්‍යයට සහභාගි වූ අවස්ථාවේදීය. මෙහිදී ජනපතිවරයාත් හිටපු අගවිනිසුරුත් ඉතා සුහදව කතාබහ කළේ කිසිදු විරසකයක් නොමැති අයුරෙනි.
පක්ෂ සමුළුව නිසා එජාප මත ගැටුම්
ලබන දෙසැම්බර් පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සිරිකොත පනස් හතරවෙනි සමුළුව පිළිබඳව ඉකුත් සතියේ එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුම් රාශියක් ඇති විය. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමුළුවට සහභාගි වෙන පක්ෂ නියෝජිතයන් සම්බන්ධයෙන් නීති රීති මාලාවක් පනවා තිබිමය. පසුගිය දිනෙක එජාප නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත මන්දිරයට පැමිණ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සමග පක්ෂ සම්මේලනය පවත්වන ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වූයේය. මෙවර සමුළුව සිරිකොත භූමියේ පැවැත්වීමට තීරණය කර ඇති අතර එජාප නායකයා තිස්ස සමග එම භූමිය නිරීක්ෂණය කිරීමට ගොස් වේදිකා සැකසීම, අසුන් පැනවීම හා පක්ෂ නියෝජිතයින් සම්මේලන භූමියට ඇතුළු කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රවිනිශ්චය කාර සරත් එන්. ද සිල්වා වර්තමානයේ දී විරසක වී සිටියද අතීතයේ දී සමීප මිතුරන්ය. ජනපතිවරයාගේ විවාහයේදී දෙවන මනමාලයා වූයේද සරත් එන්. ද සිල්වාය. කෙසේ නමුත් මෑත කාලයේ දෙදෙනා හමු වූයේ නැත. එහෙත් පසුගිය සතියේ දී අහම්බයෙන් දෙදෙනා මුණ ගැසුණේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු රාජා වනසුන්දරගේ අවමංගල්‍යයට සහභාගි වූ අවස්ථාවේදීය. මෙහිදී ජනපතිවරයාත් හිටපු අගවිනිසුරුත් ඉතා සුහදව කතාබහ කළේ කිසිදු විරසකයක් නොමැති අයුරෙනි.
පක්ෂ සමුළුව නිසා එජාප මත ගැටුම්
ලබන දෙසැම්බර් පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සිරිකොත පනස් හතරවෙනි සමුළුව පිළිබඳව ඉකුත් සතියේ එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුම් රාශියක් ඇති විය. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමුළුවට සහභාගි වෙන පක්ෂ නියෝජිතයන් සම්බන්ධයෙන් නීති රීති මාලාවක් පනවා තිබිමය. පසුගිය දිනෙක එජාප නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත මන්දිරයට පැමිණ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සමග පක්ෂ සම්මේලනය පවත්වන ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වූයේය. මෙවර සමුළුව සිරිකොත භූමියේ පැවැත්වීමට තීරණය කර ඇති අතර එජාප නායකයා තිස්ස සමග එම භූමිය නිරීක්ෂණය කිරීමට ගොස් වේදිකා සැකසීම, අසුන් පැනවීම හා පක්ෂ නියෝජිතයින් සම්මේලන භූමියට ඇතුළු කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
මේ පාර දැඩි විනයක් තියෙන්න ඕනෙ. කවුරු හරි සම්මේලනය වෙලාවේ බාධා කරන්න උත්සාහ කළොත් ඔවුන්ව ඉවත් කරන්න කටයුතු සූදානම් කරන්න. රනිල් තිස්සට දැඩිව නියෝග කළේය.
අත්තනගල්ල එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් නිට්ටඹුව රණතිසර හෝටලයේ දී පැවැත්වුණි. එහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මෙසේ පැවැසුවේය.
අපි 2012 වර්ෂයේ දී සූදානම් වුණා. 2013 දී සටන් කරන්න සූදානම්. 2014 දී අපි බලයට එන්න ඕනේ.
පසුගිය සඳුදා උදෑසන එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතේ එජාප ආසන සංවිධායකවරුන්ගේ හමුවක් සිරිකොත දී පැවැත්වුණි. එහිදී එජාප නායකයා සංවිධායකවරුන්ට මෙසේ පැවැසුවේය.
ඉදිරි කාලයේදී තම තමන්ගේ ආසනවල ශාඛා සමිති සහ ආසන බලමණ්ඩල පිහිටුවන්න. එහෙම නොකරන අයට ඊළඟ අවුරුද්දෙදී සංවිධායක කම දෙන්නේ නැහැ.
ජාතික නිදහස් පෙරමුණෙන් එජාපයට
එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කමිටුව එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා උදෑසන රැස්විය. එයට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, එජාප සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක හා ජෝශප් මයිකල් පෙරේරා එක්ව සිටියහ. මෙහිදී ප්‍රධාන තීරණ තුනක් ගනු ලැබිය. ඒ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරියක් වන අන්ජාන් උම්මාව එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීම හා ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරියක ලෙස පත් කිරීම, දැනට පක්ෂ තහනමට ලක් කර ඇති පාලිත රංගේ බණ්ඩාරගේ හලාවත ආසනයේ වැඩ බැලීම සඳහා නිරෝෂන් පෙරේරාව පත් කිරීමත්, පාලිත තෙවරප්පෙරුමගේ මතුගම ආසනයේ වැඩ බැලීම සඳහා අජිත් පී. පෙරේරාව පත්කිරීමටත්ය. එසේම පසුගිය පළාත් සභා ඡන්දය අවස්ථාවේදී ආණ්ඩුට එක්වූ එජාප ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරුන් හතර දෙනෙකු වෙනුවට වෙනත් හතරදෙනෙකු පත් කිරීමටත්ය.
එජාපයේ උපදේශක කමිටුව රැස්වීමෙන් පසුව කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් දෙදෙනකු සියලු දෙනාගේ අත්‍පොළසන් නාදය මධ්‍යයේ එක්වූහ. ඒ සබරගමු පළාත් සභා මන්ත්‍රීනි තුසිතා විජේමාන්න හා උතුරු මැදින් සිඩ්නි ජයරත්නය.
කෘත්‍යාධිකාරියේදී සජිත්ගේ විරෝධය
කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ආරම්භයේදී එජාප මහ ලේකම්වරයා පසුගිය වාර්තාව කියෙව්වේය. මෙහිදී ඉදිරි පක්ෂ සම්මේලනයට සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳවද අදහස් දැක්වූයේය. මෙහිදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ වෙනුවෙන් පනවා ඇති නීති මාලාවට සිය විරෝධය පළ කළේය.
පක්ෂ ඉතිහාසයේ කවදාවත් මෙහෙම නීති පැනෙව්වේ නැහැ පක්ෂ සම්මේලනයට. අනිත් එක පක්ෂයේ වෘත්තීය සමිතිවලට නියෝජිතයින් රැගෙන එන්න බෙදලා දීල තියෙන විදියත් ඉතාම අසාධාරණයි. දොස්තර ජයලත්ගේ ජාතික සේවක සංගමයට සාමාජිකයෝ 200 ක් ගෙන්න අවසර දෙනකොට රංජිත් මද්දුම බණ්ඩාරගේ අධ්‍යාපන සේවක සංගමයට සාමාජිකයෝ පස් දෙනයි ගේන්න අවසර දීලා තියෙන්නේ. මේක ලොකු වැරැද්දක්
අපේ අය ශාඛා සමිති පිහිටුවලා නැහැ.
පක්ෂ ඉතිහාසයේ කවදාවත් මෙහෙම නීති පැනෙව්වේ නැහැ පක්ෂ සම්මේලනයට. අනිත් එක පක්ෂයේ වෘත්තීය සමිතිවලට නියෝජිතයින් රැගෙන එන්න බෙදලා දීල තියෙන විදියත් ඉතාම අසාධාරණයි. දොස්තර ජයලත්ගේ ජාතික සේවක සංගමයට සාමාජිකයෝ 200 ක් ගෙන්න අවසර දෙනකොට රංජිත් මද්දුම බණ්ඩාරගේ අධ්‍යාපන සේවක සංගමයට සාමාජිකයෝ පස් දෙනයි ගේන්න අවසර දීලා තියෙන්නේ. මේක ලොකු වැරැද්දක්
අපේ අය ශාඛා සමිති පිහිටුවලා නැහැ.
ඒකයි මෙහෙම නීති දැම්මේ එජාප නායකයා පැවැසුවේය. මේ අවස්ථාවේ සජිත්ගේ හා රංජිත් මද්දුම බණ්ඩාරගේ ඉල්ලීම පරිදි එජාප මහ ලේකම්වරයා ශාඛා හා බල මණ්ඩල පිහිටුවීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළේය. එයට අනුව ආසන හැට පහක එකම එක පක්ෂ ශාඛාවක් හෝ පිහිටුවා නැත. පක්ෂ ශාඛා සියයට හැට හයක් පිහිටුවා ඇත්තේ ආසන 16ක පමණි.
මම අවුරුදු විසි ගාණක් තිස්සේ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරමින් පක්ෂ සම්මේලනයට සහභාගි වුණා. ඉකුත් සම්මේලන පනස් තුනේදීම හැම ආසනයකටම සමාන නියෝජිත සංඛ්‍යාවක් ගේන්න අවසර දුන්නා. සම්මේලනයට සාමාජිකයෝ ගේන්න නීති පනවනවා නම් හදිසියේ කරන්න එපා. ලබන අවුරුද්දට කරමු. රංජිත් මද්දුම බණ්ඩාර යෝජනා කළේය. කෙසේ නමුත් සජිත්ගේ හා මද්දුම බණ්ඩාරගේ ඉල්ලීමට එජාප නායකයා එකඟ වූයේ නැත. කෘත්‍යාධිකාරී මණ්ඩලය නව නීති සම්මත කළේය.
අනතුරුව පසුගියදා සරත් ෆොන්සේකාගේ හයිඩ් පිටියේ රැලියට සහභාගි වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගේ හා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසර ඉල්ලා සිටින ලදී. ඒ අවස්ථාවේදී සජිත් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කරනවාට විරෝධය දැක්වූයේය.
පක්ෂයෙන් ඉවත් කරන්න විනය පරීක්ෂණ තියන්න ලේසියි. හැබැයි පක්ෂයට ඒකෙන් සෙතක් නැහැ. අපි ඔය පස්දෙනත් එක්ක කතා කරලා සම්මුතියකට එමු. ඒ අයට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙමු. කෙසේ නමුත් සජිත්ගේ අදහසට රවි කරුණානායක, මලික් සමරවික්‍රම, ශ්‍යාමල් සෙනරත් හා ශාන්තිනී කෝන්ගහගේ විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටියේ හයිඩ් පිටියේ රැලියට සහභාගි වූ පස් දෙනාට නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණ ආපසු හැරීමට ඉඩ නොදියයුතු බවද ඔවුහු පැවැසූහ.
මේක මේ මිනිස්සු පන්නන වෙලාවක් නෙමේ. පාලිත තෙවරප්පෙරුම පක්ෂෙ හින්දා අවුරුදු දෙක හමාරක් හිරේ හිටියා. රංගේ බණ්ඩාරගේ ගේ ගිනි තිබ්බා. පුළුවන්නම් තියාගන්න කටයුතු කරමු. මද්දුම බණ්ඩාර ද ඉල්ලා සිටියේය. කෙසේ නමුත් සජිත්ගේ හා මද්දුම බණ්ඩාරගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
අනතුරුව පක්ෂයේ රැඩිකල් වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කළේය. එයටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි විය.
රැඩිකල් ප්‍රකාශනය දෙසැම්බර් 01 වෙනිදා සමුළුවට ඉදිරිපත් කරනවා. ඊට කලින් හැමෝටම මේක ඊමේල් කරනවා. එජාප නායකයා පැවැසුවේය.
ඉකුත් බදාදා ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී පැවැති ලක් වනිතා සංවිධානයේ පුහුණු වැඩමුළුවකදී ජවිපෙ හිටපු මන්ත්‍රීනි අන්ජාන් උම්මා එක්සත් ජාතික පක්ෂයට එක් වූවාය.
මන්ත්‍රීවරු රාජපක්ෂ පවුලේ දාසයන් වගේලු
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඉකුත් 31 වැනිදා රැස්වූ අවස්ථාවේදී මුලින්ම අවධානය යොමු වූයේ විධායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටුම පිළිබඳවය.
දැන් රාජපක්ෂ පාලනය අධිකරණයට එළිපිටම බලපෑම් කරන්න පටන් අරන්. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දැනටම සූදානම් කරල ඉවරයි. රාජපක්ෂ පවුලෙ දාසයන් වගේ මන්ත්‍රීවරු ඒකට අත්සන් කරලා. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ කීවේය.
මේකට මූලික ප්‍රශ්නය වුණේ දිවි නැගුම පනත සම්මත කර ගන්න බැරි වුණ එකයි. ඒකත් එක්ක තමයි අධිකරණයට බලපෑම් එල්ල කිරීම වැඩි වුණේ. විජිත හේරත් පැවැසුවේය.
ඔව් ඒ වගේම අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දුන් එකත්. අගවිනිසුරුතුමියගේ මහත්තයට විරුද්ධව නඩු දැමීම සහ දෝෂාභියෝගය මේ හැම එකක්ම රාජපක්ෂ පවුලේ න්‍යාය පත්‍රයටයි සිද්ධ වෙන්නේ. හඳුන්නෙත්ති ද ප්‍රකාශ කළේය.
ලබන 01 දා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ රැස්වීම් පටන් ගන්නවා. මේ සමුළුවේදී ලංකාවේ මානව හිමිකම් ගැනත් හොයා බලන්න නියමිතයි. මේ වැඩවලින් වෙන්නේ ලංකාව ගැන ජාත්‍යන්තරයේ බලපෑම වැඩි වන එකයි. බිමල් රත්නායකද පැවැසුවේය.
මේ සංවාදය අතරේ විජිත හේරත්ගේ දුර-කතනයට නීතිඥ සුනිල් වටගලගෙන් ඇමතුමක් ලැබුනේය.
අද හදිසියේම සුපී්‍රම් කෝට් එකේ තිබුණු නඩු ඔක්කොම කල්දැම්මා. එක නඩුවක්වත් විභාගයට ගත්තෙ නැහැ. දිවි නැගුම පනතේ තීන්දුව ලියන්න ඕනෙ කියල තමයි නඩු කල් දාලා තියෙන්නේ. නීතිඥ සුනිල් වටගල පැවැසුවේය.
අග්‍රවිනිශ්චයකාරවරියගේ සැමියාට විරුද්ධව ආණ්ඩුව අල්ලස් හෝ දූෂණ කොමිසම පාවිච්චි කරලා නඩු දැම්මා. නමුත් අපි දූෂණ වංචා කීයක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කළාද. එකකටවත් ක්‍රියාත්මක වුණේ නැහැ. හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අධිකරණයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් පක්ෂය මැදිහත් විය යුතු බවටය.
- නුවන් ගන්කන්ද