ගාල්ල නගර මධ්‍යයේ පසුගිය 25 වනදා මහ දවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් කපා, කොටා මරා දමන ලදි. මෙසේ ඝාතනයට ලක් වූයේ ගාල්ලේ ව්‍යාපාරිකයකු සහ දේශපාලන සම්බන්ධකම් තිබෙන කුමාර සෙනෙවිරත්න නැමැති අයෙකි.
ගාල්ල දංගෙදර පදිංචිකරුවෙකු වූ ඔහු දංගෙදර ප්‍රදේශය හරහා දවල් 1.20 ට පමණ යතුරුපැදියක නැග ගාල්ල, ඩික්මන් හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරුපැදියේ හප්පා ඇත.
එම අවස්ථාවේ කුමාර සෙනෙවිරත්න නැමැති අය යතුරුපැදිය සමග මහ පාරේ ඇද වැටී තිබේ. වෑන් රථයේ සිටි පිරිස අනතුරුව එළියට පැන කඩුවලින් සහ මන්නාවලින් කුමාර සෙනෙවිරත්නගේ අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමා පළා ගොස් ඇත්තේ ගාල්ල නගර මධ්‍යයේය. අත පා වෙන්වීමට සිදුකල මන්න පහරට අමතරව මරණිය තුවාල ගෙන දෙන කඩු පහරවල් දෙකක් පිට ප්‍රදේශයට හා හිස පෙදෙසට එල්ලකොට තිබුණි.
මියගිය කුමාර ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුසන්ත සෙනෙවිරත්න මහතාගේ සොහොයුරෙකි. ගාල්ලේ බොහෝ අයට මෙන්ම පොලිසියටද මෙය සාමන්‍යය සිදුවීමක් බවට පත්ව ඇත්තේ මෙය වසර ගණනක් තිස්සේ පැවත එන ආරවුලක් බැවිනි.
දංගෙදර සමගිවත්ත හා කන්ම්පිටිය බංගාලිවත්ත අතර ඇතිව තිබෙන ආරවුල් තත්වය මත පසුගිය කාලය පුරාම මෙවැනි මිනීමැරුම් සිදුවිය. කලකට පෙර මෙම දෙපාර්ශවය හොදින් සිට ඇතත් විරසක වූ පසුව දෙපිරිසේ පුද්ගලයන් තරඟයට මරා දමා ඇත. ඒ මරා දැමුනේ ඇසිඩ් ගසා , කඩුවලින් කපා කොටා , වෙඩි තැබීම් වැනි සාහසික ක්‍රම මගිනි.
එමෙන්ම මෙම මිනීමැරුම් සිදු වුයේ මිනිසුන් දහස් ගණනකගේ මුහුණු ඉදිරිපිටය. ඔවුන් ඒවාට මැදිහත් නොවන්නේ මැදිහත්වුවන්ට වන ඉරණම ඔවුන් දන්නා හෙයිනි. මෙයට පෙරද මෙවැනිම ආකාරයට අත පය කපා දමා පුද්ගලයෙකු මැරූ අතර රාත්‍රී කාලයේ ඔහු මහ පාරේ වැතිර සිට වතුර ඉල්ලුවද කිසිවෙකු දීමට ඉදිරිපත් වී නොමැත.
දුසන්ත සෙනෙවිරත්නද මරා දැමුනේ ගාල්ල බෙලිගහ හන්දියේදීය. ඒ දෙනෝ දාහක් බලා සිටිද්දීය. මහජනතාවට මෙහිදී සිදුකිරීමට කිසිදු දෙයක් නැත. අදාළ වගකිවයුතු අංශ වලින් මෙම ආරවුල සමථයකට පත්කළ යුතුය. එසේ නොවුනහොත් මෙවන් තවත් මරණ ඉදිරි අවරුදු කිහිපයේදීත් ගාල්ල නගරයේ සුලභ දසුනක් වනු අත.
අවසාන වශයෙන් කිවයුතු යමක් ඇත.එනම් මෙම ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයාටද කඩු වලින් කපා කොට අනෙක් පැත්තේ සාමාජික තරුණයෙකු මැරීම පිලිබඳ චෝදනා එල්ලවී තිබුණි. එසේනම් අප නැවතත් මතක් කරගත යුත්තේ "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යන කියමනය.
එම අවස්ථාවේ වීඩියෝව අප මෙම ලිපියට එක්කොට ඇතත් එය නැරඹීමේ තීරණය අප ඔබට බාර කරන්නෙමු. (බිහිසුණු දර්ශන ඇතුලත් බැවින් කරුණාකර සංවේදී අය හා කුඩා දරුවන් මෙය නැරඹීමෙන් වලකින්න)
Source: http://www.gossip9.com/2012/11/blog-post_2488.html#ixzz2B6JltoH2