Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්‍රණයක


වරින් වර ජනමාධ්‍ය වාර්තා නමින් බේගල් අත හැරීම පුරුද්දක් කරගෙන සිටින දිනමිණ කඩමාල්ලේ විජයානි අද තවත් හැල්ලක් වමාරා තිබේ. එම ලිපිය මේ සමග අමුණා ඇත. මේ විජයානි වමාරා ඇති කතාවේ එක කරුණක් හෝ ඔප්පු කිරීමට ඇයට හැකිද? ඇය කියන එක කරුණක් අප බියපත් කරයි. එනම් ආරක්ෂ හමුදා විසින් හෙට පැවැත්වෙන ජනමාධ්‍ය උද්ඝෝෂණයට ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. විජයානිට දැන් අවහ්‍යව ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ලේ සුවද බැලීමට ද?

අද එල්ටීටීඊ සහායකයින් ලෙස මාධ්‍ය සංවිධාන වලට අවලාද නගන විජයානි එල්ටීටිඊයට බලය තිබූ සමයේ එහි ගජ මිතුරියක් විය. එහි ත‍්‍රිකුනාමලයේ නායක එලීලන්ගේ සමීප මිතුරියක වූ ප‍්‍රභාකරන් අබියස ආඩම්බරයෙන් ජායාරූපයකට පෙනී සිටින්නේ නිකමට ද?

මෙවැනි ජායාරූපයක් නිදහස් මාධ්‍ය ක‍්‍රියාකාරිකයක විසින් ගෙන තිබුනා නම් රාජපක්ෂ ආණ්ඩුව එය පොස්ටරයක් මෙන් මුද්‍රණය කර අලවනවා නියතය. එවැනි ජායාරූපයක් විජයානිට ලැබුනා නම් කොහොම අවලාදයක් අත හරියි ද?

අප ලඟ අයගේ තවත් මෙවැනි ජායාරූප ගණනාවක් තිබේ. බොරු නම් එසේ නැතැයි දිනමිණ කඩමාල්ලේම ලියන ලෙස මේ පුංචි අහියෝගයකි.

අවවාදය: විජයානී, උඩ පැන්නොත් බිම වැටෙන බව මතක තියාගන්න.


රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්‍රණයක

* ප්‍රහාරයකට ආරක්‍ෂක අංශ පෙලඹවීමේ උත්සාහයක්
* මුදල් දී රවටා ජනතාව සහභාගි කරවීමේ තැතක්
- විජයානි එදිරිසිංහ

රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන මාධ්‍ය නඩයක් මෙරට අපකීර්තියට පත්කිරීමේ අරමුණින් හෙට (25) කළු ජනවාරි දිනයක් සැමරීමට කටයුතු යොදා තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ද්‍රවිඩ සහ මුස්ලිම් මාධ්‍ය කණ්ඩායමක් එම උද්ඝෝෂණ ව්‍යාපරය සංවිධාන කර ඇත.

කොටි පරාජයත් සමඟ මෙරටින් පලා ගිය මාධ්‍ය කණ්ඩායම විදේශයන්හි සිට එම උද්ඝෝෂණය සංවිධානය කිරීමට අරමුදල් ලබා දී තිබේ.

එම උද්ඝෝෂණයට තරුණ පිරිස් එකතු කර ගැනීම සඳහා මෙරට සිටින පිරිස මේ දිනවල වෙහෙසෙති. විශ්වවිද්‍යාල සිසුන්ට නිදහස් වෙළෙඳ කලාපීය තරුණ තරුණියන්ට මෙන්ම බොහෝ පිරිස්වලට මුදල් දී මෙම උද්ඝෝෂණයට සහභාගි කරවා ගැනීමට කටයුතු කරති. ප්‍රභාකරන්ගේ පියාගේ අවමඟුලට අතගැසූ එකම සිංහලයා වූ පුද්ගලයා ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සිටියි.

උද්ඝෝෂණ අවස්ථාවේ කෙසේ හෝ ආරක්‍ෂක අංශ ප්‍රහාරයක් සඳහා පොළඹවා ගැනීම ද මොවුන්ගේ සැලසුමේ එක් කොටසකි. එහි අරමුණ ලබන 28 වැනිදා ජිනීවා හිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී මෙරට රජය මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නේ යැයි ව්‍යාජ තොරතුරු ජාත්‍යන්තරයට පෙන්වා දීම වෙයි. උද්ඝෝෂණයට සහභාගි වන පිරිසට බෙදා දීමට කළු ටී ෂර්ට් විශාල තොගයක් ද සකස් කර තිබේ. කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මෙම උද්ඝෝෂණයේ සියලු විය හියදම් දරන අතර මෙහෙයවන්නන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇත.

විජයානි එදිරිසිංහ කොටි නායක එලීන් සමග


























Source : lankanewsweb.com

Share this article with your friends