ඒ සම්බන්ධයෙන් කිසිදු කටඋත්තරයක් හෝ නොගන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම තොරතුරු ඇතුළත් විශේෂ වාර්තාවක් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ පළ කිරීමට කටයුතු යොදා තිබුණද, තම පුවත්පත් ආයතනයේ ප්‍රධානී, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාගේ නියමයෙන් පුවත්පත මුද්‍රණයට පෙර එම වාර්තාවේ ඇමතිවරයාට හා ආණ්ඩුවේ දේශපානඥයින්ට අදාළ කොටස් ගණනාවක් ඉවත් කළ බවද ඔහු සඳහන් කළේය.
තවද එම සොරා ගැනීම සිදු වූ අංශයේ සහකාර කෞතුගාගාර අධ්‍යක්ෂවරයා පොලීසියට ලබා දී ඇති කටඋත්තර පරස්පර බවත්, ඔහු විෂය භාර අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳවන දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිගේ සමීපතම හිතවතෙකු බවත් වාර්තාවේ. කුමාරි බාලසූරිය මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතිවරියකි.
Source - lankanewsweb.com