Chitika Smowtion 468x60


Monday, March 19, 2012

ඉන්ධන සහනාධාරය ප්‍රෝඩාවක්


අම්බලන්තොට, හලාවත, පුත්තලම, මීගමුව, පුත්තලම දිස්ත්‍රික්කවල ධීවර ඉන්ධන සහනාධාරය මාර්තු මාසයේ සිට අත්හිටුවන්නැයි නියෝග.

ධීවරයන්ට භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන බවට රජය විසින් තීරණය කිරීමත් සමඟ රජයෙන් නිකුත් කළ භූමිතෙල් කාඩ්පත් වලට තෙල් නිකුත් කළ ඉන්ධන පිරවුම්හල් වලට මෙතෙක් ලැබියයුතු ආධාර මුදල නොලැබීම නිසා වෙරලබඩ ආසන්නව පිහිටි ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් පසුගියදා පැවතුනා.

ඊට හේතුවී තිබුනේ රජයෙන් ලබාදෙන බවට ප්‍රකාශ කළ මසකට රුපියල් මිලියන 400ක් වූ ඉන්ධන සහනාධාරයට අදාල මුදල් මේ වනතෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොලැබීමයි.

රජයෙන් මසකට රුපියල්  මිලියන 400ක ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පැවසුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදීමට තීරනය කර තිබෙන්නේ රුපියල් මිලියන 125ක සහනාධාරයක් පමණයි.

මෙම තත්ත්වය මත ඉන්ධන පිරවුම් හල් වලට සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා වූ හිඟ මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර, මෙතෙක් ලබා දුන් ඉන්ධන සහනාධාරය නතරකරන්නැයි දන්වමින් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තම බලප්‍රදේශයේ සමූපකාර සමිති වෙත ලිඛිතව දන්වා තිබෙනවා. එහි වැඩිදුරටත් සදහන්ව ඇත්තේ ධිවරයින් සදහා ලබාදෙනු ලබන ඉන්ධන සහනාධාරය මාර්තු 14 වෙනිදායින් පසු අත්හිටුවන ලෙසයි.

ඒ අනුව හුන්ගම සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලක් වෙත ගිය සහනාධාරලාභි ධීවර කාර්මිකයෙකුට එම ඉන්ධණ පිරවුම්හලෙන් පවසා ඇත්තේද ලබන 14 වෙනිදා පසු ඉන්ධන සහනාධාරය ලබා නොදෙන බවයි.

හලාවත, පුත්තලම, මීගමුව ආදී පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් සදහාද ලබාදුන් ඉන්ධන සහනාධාරය මාර්තු මාසයේ සිට අත්හටුවන්නැයි දන්වමින් පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

එහි සදහන්ව ඇත්තේ මාර්තු මාසයේ සිට සහනාධාර සදහා ධීවර කාර්මිකයින් ලියාපදිංචි කරවීම වහාම නවතා දමන ලෙසත් ලියාපදිංචිකර ඇති ධීවර කාර්මිකයින් සදහාද සහනාධාරයද අත්හිටුවන ලෙසත්ය.

මාර්තු 14වනදා සිට කාඩ් වලට නිකුත් කළ ඉන්ධන සහනාධාරය නවතා දමන ලෙස අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලප්‍රදේශයේ සමූපකාර සමිති වෙත දන්වා ඇති ලිපිය පහතින්.








Source: http://www.gossip9.com/2012/03/blog-post_8330.html#ixzz1pZ7OmRvb 

Share this article with your friends