Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

ඉකුත් අවුරුදු හත පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 1562



ඉකුත් අවුරුදු හත පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 1562 ක්‌ හැටියට විපක්‌ෂය ගණන් බලා ඇත. තෙල්, සංස්‌ථාවේ “හෙජිං” ගිවිසුම, වැට්‌ මගඩිය, මිහින්එයාර්, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇතුළු වංචනික ගනුදෙනු 14 ක්‌ නිසා මේ පාඩුව සිදුවී ඇතැයි කියෑවේ.
කෙරවලපිටිය විදුලි බලාගාරය
කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්‌ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්‌තමේන්තු කළ බව ඔබ දන්නවාද?
බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙන බව දන්නවාද?
කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක්‌ සඳහා එකඟ වූ මුදල රු. 18 ක්‌ වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක්‌ වන බව බව ඔබ දන්නවාද?

උමා ඔය
උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙන බව ඔබ දන්නවාද?
මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන් බව ඔබ දන්නවාද?
වැට්‌ මගඩිය
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට්‌ බදු වංචාවක්‌ සිදුවූ බව බව ඔබ දන්නවාද?
ගුවන් පාලම් මගඩිය
කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්‌ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්‌ද, දෙහිවල පාලම සඳහා 900 ක්‌ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්‌ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක්‌ ගුවන් පාලමක්‌ සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක්‌ විය යුතු බව ඔබ දන්නවාද?
දොඹකර මගඩිය
කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක්‌ මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්‌ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්‌වා වංචනිකව වැඩි කරපු බව ඔබ දන්නවාද?
කොම්පියුටර් මගඩිය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පරිගණක සැපයීමේ ඇ. ඩොලර් මිලියන 16 ක කොන්ත්‍රාත්තුවේ අක්‍රමිකතා නිසා දේශීය වශයෙන් නිෂ්පාදිත, වෙළෙඳ නමක්‌ නොමැති බාල වර්ගයේ පරිගණක යන්ත්‍ර සපයා දැන් ඉන් බොහොමයක්‌ ක්‍රියා විරහිත වී ඇති බව බව ඔබ දන්නවාද?
“හෙජිං” ගිවිසුම
හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක්‌ බව බව ඔබ දන්නවාද?
ඒ 9 පාර
ප්‍රශ්නය – අනුරාධපුර – යාපනය ඒ 9 පාර, පේදුරුතුඩුව – කන්කසන්තුරේ පාර, මන්නාරම, – පුනරින් පාර, හා නන්දිකුලම් – මන්නාරම පාරවල් පුනරුත්ථාපනය කිරීමට කොන්ත්‍රාත්තුව කිලෝමීටරයකට රු. මිලියන 125 ගණනේ චීන සමාගමකට පවරා තිබෙනවා. එකී සමාගම උප කොන්ත්‍රාත්තු ලාංකීය සමාගම් දෙකකට කිලෝ මීටරයට රු(මිලියන 60 ගණනේ පවරා මගඩියක්‌ කර තිබෙන බව ඔබ දන්නවාද?
හම්බන්තොට සෆාරි උදානය
යාල වනෝද්‍යානය ළඟම තිබියදී හම්බන්තොට සෆාරි උද්‍යානයක්‌ රු. බිලියන 1.6 ක වියදමින් ඉදිකෙරෙන බව බව ඔබ දන්නවාද?
ශ්‍රී ලන්කන් ගුවන් සමගාමේ පාඩුව
2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක්‌ ලැබු බව ඔබ දන්නවාද?
මිහින් එයාර් මගඩිය
මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක්‌ ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක්‌ බව ඔබ දන්නවාද?
වීරවිල ගුවන්තොටුපල
දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක්‌ වියදම් වූ බව ඔබ දන්නවාද?
ගුවන් හමුදාව සඳහා මිග් ප්‍රහාරක යානා
ගුවන් හමුදාව සඳහා මිග් ප්‍රහාරක යානා හතරක්‌ මිලදී ගැනීමේදී රු. මිලියන 400 ක මුදලක්‌ වැඩිපුර ගෙවා තිබෙන බව ඔබ දන්නවාද?
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලබා ගැනීම සදහා කල ප්‍රචාරක වැඩ පිළිවෙල සදහා රු. බිලියන 8 ක් වය කල බවත් එම මුදල් සියල්ල අද වන විට ගගට කැපු ඉනි වලට සමාන බව ඔබ දන්නවද?
අප ඉහත සදහන් කරනු ලැබුවේ රාජපක්ෂ ජුන්ටාව කරන හොරකම් වලින් කොටසකි. තවත් තොරතුරු ලගදීම බලාපොරෝත්තු වන්න. අවාසනාවකට ජනතාව නිදිය?????

Source - lankaleaks.com

Share this article with your friends