එයට ගොවියන්ගේ කම්කරුවන්ගේ මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත්රයකම විරෝධය ඒකාබද්ධ වෙමින් පවතී. මීට අමතරව රජයේම අමාත්‍යවරුන්ගේ විශාල වංචා දූෂණ අද ඔවුන්ගේ පාර්ශ්වයෙන්ම හෙළිදරව් කරමින් තිබේ. එසේම කලක් තිස්සේ පැවති ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදත් විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරයේම පවතින අර්බුදත් කරලියට පැමිණ ජනමාධ්‍ය තුළත් ජනතාව අතරත් සාකච්ඡාවට ලක් වෙමින් ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘ජන අරගල ව්‍යාපරය’ විසින් අවධාරනය කර සිටී. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ කර ඇත.
"මෙය රජය බලාපොරොත්තු නොවූ අභියෝගයකි. ඒ නිසා මේ අභියෝගයට මුහුණ දීමට ආණ්ඩුව ඉතාම කූඨ උපක්‍රම අත්හදා බලමින් සිටී. ඉන් එක් උපක්‍රමයක් වන්නේ අපට එරෙහිව එල්ල කරන දැවැන්ත අවලාද ව්‍යාපාරයයි. මෙය අලූත් තත්වයක් නොවේ. ධනපති පන්තිය හැමදාමත් තමන් අර්බුදයට ගිය විට ජනතාවගේ අවධානය වෙනතක යොමු කිරීමට ව්‍යාජ සතුරකු නිර්මාණය කිරීමට උත්සාහ කරයි. එය ලොව පුරා ධනපති පන්තිය භාවිත කළ හා කරමින් සිටින උපක්රමයකි.
ඇමරිකා එක්සත් ජනපදය මීට කලකට පෙර ඔවුන්ගේ රටේ අභ්‍යන්තර අර්බුදයට වසා ගැනීමට කොමියුනිස්ට්වාදය ව්‍යාජ බිල්ලෙකු ලෙස මතු කරමින් ජනතා විරෝධය තමන්ට එල්ල වීම වළක්වා ගැනීමට සමත් විය. එසේම පසුකාලීව මුස්ලිම් සමාජය සතුරකු ලෙස අර්ථකථනය කරමින් එම ව්‍යාජ දේශපාලනය අත්හදා බැලීය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ රජයත් අත්හදා බලමින් සිටින්නේ එවැනිම උපක්රමයකි. මෙය පැරණි, අප කවුරුත් හඳුනන උපක්රමයකි. ඒ නිසා එවැනි උපක්‍රමවලින් කලබල විය යුතු නැත.
මීට වසර කිහිපයකට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කර අවසන් කළා යැයි කියමින් දැවැන්ත උත්සව සංවිධානය කරමින් විශාල දේශපාලන ව්‍යාපෘතියක් කළ ආණ්ඩුවම දැන් තමන් අර්බුදයට ගිය විට ඒ අර්බුදය වසා ගැනීමට කෘත්‍රිමව එල්.ටී.ටී.ඊ.ය ජීවමාන කරමින් සිටී. එමෙන්ම, අප එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධ කිරීමට හාස්‍යජනක උත්සාහයක නිරත වෙමින් සිටී.
එල්.ටී.ටී.ඊ. සංවිධානය කළේ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලනයකි. නමුත් අපේ දේශපාලනය සියලූ වර්ගයේ ජාතිවාදයන්ට එරෙහි පන්තියේ සමගිය වෙනුවෙන් කරන දේශපාලනයකි. ඒ නිසා අපගේ දේශපාලනය එල්.ටී.ටී.ඊයේ දේශපාලනයට හාත්පසින්ම වෙනස් ප්රතිවිරෝධී එකකි. එය කිසිසේත්ම එකට එකතු නොවන, සම්පූර්ණයෙන්ම ප්රතිවිරෝධී අරමුණු දෙකකි. එය මේ රටේ ජනතාව ඉතා හොඳින් දනී.
අපේ රටේ ඕනෑම වැරදි දේශපාලන ස්ථාවරයක් දැරූ පුද්ගලයෙක් නිවැරදි දේශපාලන ස්ථාවයක් වෙත වෙනස් කළ හැකි නම් එය අප ඉතාමත්ම සතුටින් උනන්දුවෙන් දායක වී කළ යුතු කටයුත්තක් බව අපගේ විශ්වාසයයි. ඒ නිසා බෙදුම්වාදී ජාතිවාදී දේශපාලනයේ යෙදී සිටි අයකු ජාතික සමගියේ දේශපාලනය වෙත ගෙන ඒමට හැකි නම් අපි ඊට නොපැකිළව දායක වෙමු.
අනෙක් කරුණ වන්නේ, මේ මොහොත වන විට අප සන්නද්ධ යැයි සඳහන් කරමින් ආණ්ඩුව කිසිදු තාර්කික පදනම්ක් නැති, මූලාශ්‍ර නැති, තොරතුරු වගකීම් විරහිත ලෙස ජනතාව හමුවේ තබමින් අවලාද ව්‍යාපාරයක නිරත වී සිටීමයි. මේ සඳහා දේශපාලනය කිරීමේ ව්‍යවස්ථාමය අයිතියක් නැති රජයේ නිලධාරීන් පවා යොදා ගනිමින් සිටී.
ආණ්ඩුව විසින් සිදු කරමින් සිටින ප්රජාතන්ත්ර විරෝධී අත්තනෝමතික දේශපාලනය වසන් කිරීමට හිතාමතාම නිර්මාණය කරන මෙම ව්‍යාජයට නොරැුවටී සැබෑ සතුරා හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මේ මොහොත වන විටත් දේශපාලනය කිරීමට ජනතාවට ඇති අයිතියට ඉතාමත්ම අත්තනෝමතික ලෙස එරෙහි වෙමින් පැහැර ගෙන යාම්, මරා දැමීම් සිදු කරමින් සිටින්නේ රජයයි. කලාකරුවන්, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් දැනටමත් අතුරුදහන් වූ ලේඛනයට එකතු වී අවසන්ය. එමෙන්ම අද ආණ්ඩුවේ ප්‍රධානම පාලන උපක්‍රමය වී තිබෙන්නේ දූෂණය බව පසුගිය දිනවල කැලණිය ආශ්‍රිතව ආණ්ඩුවේම ප්‍රබලයින් කළ හෙළිදරව්වලින් අනාවරණය විය.
ජනතාවගේත් රටේත් ප්රජාතන්ත්රවාදයට අභියෝගයක් වී ඇත්තේ ආණ්ඩුවයි. අප අභියෝගයක් වී ඇත්තේ ප්රජාතන්ත්ර විරෝධී අත්තනෝමතික දේශපාලනයක නිරත වී සිටින ආණ්ඩුවටය. කවර බාධක හමුවේ වුවද අපි ප්රජාතන්ත්රවාදී රාමුව තුළ හිඳිමින් ආණ්ඩුවේ එම ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනයට අභියෝග කරමු. ඒ නිසා සැබවින්ම නීති විරෝධී, ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනයක යෙදෙන රාජපක්ෂ රෙජීමයේ මේ අත්තනෝමතිකත්වය පැරදවීමටත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමටත් අප සමග පෙළ ගැසෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු."