Chitika Smowtion 468x60


Thursday, January 3, 2013

ජැක්සන්ගේ නිවසට හොරු පනියි


ප්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනි මහතාගේ නිවසේ පසුගිය කාලයේ සොරකමක් වී ඇති බව වාර්තා වේ. 

මෙම සොරකමෙන් දැඩි අලාභ හානි වී ඇත්තේ ජැක්සන්ගේ පුතු අඛිල ධනුද්දර වෙතය. ඒ නිවසට පැමිණි හොරා ඇතුළුවී ඇත්තේ ඔහුගේ කාමරයට වන නිසාය.

මෙම සොරකමෙන් අඛිල හට තම පෙම්වතිය වන අමන්දා ගෙන ලැබුණු වටිනා තෑගී කිහිපයක් ලැප්ටොප් පරිගණකය හා අයිපොඩ් උපකරණය අහිමි වී ඇත. සොරා නිවසට පැමිණ ඇත්තේ අඛිල රෑ බෝවූ පසු නිවසට ඇතුළුවන ජනේලය ඔස්සේ යයි පුවත්පතක් මගින් වාර්තාකර තිබුණි. 


ඒ කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනි නව වසරට සුදානම් වන්නේ "මහා සිංහලයේ වංශ කතාව" හි දෙවන කොටස විකාශය කිරීමට සුදානමෙනි. එහිදී කොළඹ නම් සුන්දර මුකලාන පිලිබඳ ඔහුගේ අවධානය යොමුකරන බව ජැක්සන් විසින් පුවත්පතකට පවසා තිබුණි.




Source - http://www.gossip9.com/2013/01/blog-post_2.html

Share this article with your friends