Chitika Smowtion 468x60


Thursday, January 3, 2013

හලාල් ගන්න ගෙවන මුදල් යන්නේ කොහේටද ? (Halal)


ගෙවන ගාස්තු ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවදානමක් – බොදු බල සේනාව අනතුරු අගවයි

හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවදානමක් පවතින බව පසුගියදා (31) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා ජාලය ප්‍රකාශ කළහ.

එමෙන්ම කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ දී හලාල් සහතිකය ලබා ගැනීමට ලබාදෙන මුදල් කුමන කටයුත්තක් සඳහා යොදවන්නේදැයි පිළිබඳව රහස් පොලීසිය සහ අදාළ ආයතන කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බොදුබල සේනා ජාලයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ප්‍රකාශ කරයි. ත්‍රස්තවාදය විනාශ කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය ඒ කෙරෙහි දැඩිව යොමුවිය යුතු යයිද නන්ද හිමියෝ තවදුරටත් ප්‍රකාශ කරති.

එමෙන්ම බොදුබල සේනා ජාලය රටට ඇතිවන අනවශ්‍ය බලපෑම් සම්බන්ධයෙන් කථා කිරීම හේතුවෙන් විවිධ පුද්ගලයන් ජාතිවාදී ලේබලය අලවන්න උත්සාහ කළත්, බෞද්ධාගම විනාශ කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් පක්ෂ පාට ආගම් බේදයකින් තොරව එම පුද්ගලයන් පිළිබඳව හෙළි කරන බවත් මුස්ලිම්වරුන් සමඟ සිංහල ජනතාවට කිසිම ප්‍රශ්නයක් නොමැති බවත් නන්ද හිමියෝ ප්‍රකාශ කරති.

මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් ගැටළුවක් නැති බවත් කැනඩාවේ සිට ක්‍රියාත්මක වන point de Bascule පර්යේෂණ ආයතනයට අනුව එරට හලාල් සහතිකය නිතුත් කරණු ලබන අදාළ සංවිධානය විසින් හමාස් හා අල්කයිදා සංවිධානයන්ට අරමුල් සපයා ඇති අතර ඔවුන් සමග සෘජු සබඳතා පවත්වන අතර pointdebasculecanada.ca වෙබ් අඩවියෙන් මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකි බවත් බොදුබල සේනා ජාලයේ සම්බන්ධීකාරක ඩිලන්ත විතානගේ මහතා පැවසීය. එමෙන්ම බෞද්ධ භික්ෂුක් රට විනාශ කිරීමට කටයුතු කරනවා නම් බොදුබල සේනා ජාලය එයට ද එරෙහිව කටයුතු කරන බව ඔහු තවදුරටත් පැවසුවේය.



Source - http://www.thambapanne.net/?p=15281

Share this article with your friends