රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස මෙතෙක් නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයේ එදින වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස නම් නොකිරීම පිළිබද බොදුබල සේනා සංවිධානයේ දැඩි විරෝධය එල්ල විය.
පසුව ඒ පිළිබද කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළේ 2013 වර්ෂය සඳහා වූ රජයේ දින දර්ශනයේ පෝය නිවාඩුව වෙළඳ නිවාඩුවක් ලෙස සටහන් කිරීමට තීරණය කළ බවයි.