Chitika Smowtion 468x60


Thursday, January 3, 2013

ප්‍රභාකරන් මිය ගිය ස්ථානයේ හෝටලයක්


NandikadalHotel_600px_12_12_31එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග අවසන් සටන සිදුවූ, මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ ‘ලැගූන් ඒජ්’ නමින් සුභෝපභෝගී නිවාඩු නිකේතයක් විවෘත කර ඇත. මෙය ප්‍රභාකරන් මියගිය ස්ථානය බවත්, මෙම ස්ථානයේ විවේකය ගත කරමින් එක් දිනක් රැඳී සිටීමට රුපියල් 15,000 ක් අය කරන බවත් දක්වා සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක දැන්වීම් වාර්තාවක් පලකර ඇත.

දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම පළකර තිබේ.
එම හෝටලය ජීවිතයේ එක්වරක් අත්විඳිය යුතු අත්දැකීමක් ලෙස වර්ණනා කරමින් එකී දැන්වීම් ලිපිය පළකරන එම පුවත, දහස් ගණනක් යුධ විරුවන්, ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අය මියගිය ස්ථානයේ පිහිටි මෙම නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම තේක්ක ලීයෙන් ඉදිකර ඇති බවත්, එසේම සියලු උත්සව අවස්ථා සඳහාද කදිම බවත් සඳහන් කර ඇත. එම ලිපිය මගින් “ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කලපුවේ 15,000 ($100) ගෙවලා රැයක් ඉන්න කැමතිද ?” යනුවෙන් පාඨකයින්ගෙන් විමසා සිටියි.


මෙම නිවාඩු නිකේතනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සොහොයුරු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළ ඇත.

සම්පූර්ණයෙන්ම තේක්ක දැවයෙන් ඉදිකර මෙම නිවාඩු නිකේතනයට එන සංචාරකයන්ට යුධ ජයග්‍රහණයෙන් අවතැන්වූ තවමත් තාවකාලික කූඩාරම්වල ජීවත්වන ජනයා දැකගත හැකිවනු ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව යුද්ධයේ අවසාන කාල පරිච්චේදයේදී සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 100,000 ක් බවත් නැවත ඉදිකර ඇත්තේ එයින් 16,000පමණක් බවත් ටයිම්ස් සඟරාවේ දැක්වෙයි.
කෙසේවුවද හෝටලය සම්බන්ධයෙන්, බිබිසි හිටපු වාර්තාකාරිනියක වූ ප්‍රැන්සිස් හැරිසන් මහත්මිය තම තදබල විරෝධය ප්‍රකාශ කර ඇත. 

වේදනාවට පත්ව සිටින දෙමළ ජනතාව තුල තවත් වේදනාවන් ඇති කිරීම සඳහාත්, සිංහල තරුණ ප්‍රජාව වැරදි මාර්ගයේ රැගෙන යාම සඳහාත් මෙවැනි දැ ඉවහල්විය හැකි බව ඇය පවසා තිබේ. Huffington Post වෙබ් අඩවියට ප්‍රාන්සිස් හැරිසන් විසින් ලියූ Sri Lanka’s killing fields tourism ලිපියේ ඒ බව සදහන්වේ.

thambapanne
850851852

හෝටලයේ බාහිරන් පෙනෙන අයුරු

234567891011234567891011

සම්පූර්ණයෙන්ම තේක්ක දැවයෙන් ඉදිකර මෙම නිවාඩු නිකේතනයේ ඇතුලත

1234567891011121314151617181920

Share this article with your friends