Chitika Smowtion 468x60


Thursday, January 26, 2012

පෘතුවිය භ්‍රමණය නොවන බව මාර්ගඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමි පවසයි


පෘථිවිය සහ අනෙක් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නා සේම සූර්යයා ද තම තරු පොකුර තුල අසල්වැසි තරු සමග භ්‍රමණය වේ. එසේම අපට අහසේ පෙනෙන සියළුම තරු රැගත් ක්ෂිරපථය ලෙස අප හඳුන්වන අප සූර්යයා අයත් මණ්දාකිණියද භ්‍රමණය වේ. මෙය අප දන්නා විද්‍යාත්මක නිගමනයකි. 

නමුත් මාර්ගඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමියන් පවසන්නේ මෙය අසත්‍යයක් බවයි. උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කර තිබුනේ පසුගියදා රන්දිව පුවත්පතටයි.

ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ විද්‍යා උපාධිධාරියෙක්. එමෙන්ම තර්කාණුකූලව බන කියන ධර්ම දේශකයානන් වහන්සේනමක්. ඒ සියල්ලටම වැඩියෙන් ඔබ වහන්සේ පවසන ආකාරයට මාර්ගඵල ලාභියෙක්. මේ නිසා ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වගකීම් සහිතයි. මේ වනවිට මුලු ලෝකයම පිලිගන්නා විද්‍යාත්මක මතය තමයි සමස්ථ විශ්වයම භ්‍රමනය වන බව. ඔබ වහන්සේ පවසන්නේ එය සත්‍ය වශයෙන්ම සිදු නොවන මායාවක් බවද?

පිළිතුර: මායාවක්ම පමණයි. මනස සදාකාලිකව නිවා දමපු කිසිවෙක් ඔය කරකැවීම පිළිගන්නේ නෑ.

අධිවේගියේ වැඩිම වේගයෙන් ගියේ කව්ද?


තමන් විනීත පුද්ගලයෙක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

තමන් බීමත්ව රිය පදවා අනතුරු වලටද මුහුනපා සිටින කෙනෙක් බවයි පසුගියදා උත්සවයක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ.

"මම කියන්නේ නෑ මම විනීත පුද්ගලයෙක් කියලා. තමුන්නන්සේලාට මාව දැක්කමත් පේනවා මගේ විනීත භාවයක් නෑ කියලා.

මම ආසයි හයියෙන් යන්න. මම හිතන්නේ අධිවේගී මාර්ගයේ හයියෙන්ම ගියේ මම ඉස්සරලම, මමත් බීලා එලවලා තියනවා. මම බීලා ගිහිල්ලා කඩයක් උඩට ගිහින් අනිත් පැත්ත හැරිලා වැටුනා. මම මේ ඇත්ත කියන්නේ".


එම වීඩියෝව පහලින්

ශිහාන් මිහිරංගගේ විවාහයේ ජායාරූප


ශිහාන් මිහිරංගගේ විවාහ උත්සවය පැවැත්වුනේ හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදීයි. 

ශිහාන් මිහිරංගගේ සමඟ අතිනත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවියයි. ඇය ශිහාන් ඉගනගත් පාසලේම සිටි ගුරුවරයෙකුගේ දුවකි. විවාහ මංගල්‍යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන් විතාරන විසිනි.

ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවයට වසර 9ක් වන අතර වසර නවයක් පුරාවට ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට රහසක්ව පැවතුනා.

ශිහාන් මිහිරංග හා ගීෂ්නි ක්‍රෙමෙන්ටා සිල්වා මෙනවියගේ විවාහයේ ජායාරූප අප වෙත ලැබී තිබෙනවා. 

මර්වින් සිල්වාගේ කප්පම් ගැන බැලුම්ගලින් හෙළිකරයි!


මර්වින් සිල්වාගේ කැලණියේ කප්පම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ පිළිබඳව ඊයේ නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනින් ඉදිරිපත් කළා.

වෙබ් අඩවි මඟින් මේ පිළිබඳව නිතර නිතර හෙළිදරව් කළත් ශ්‍රී ලංකා ඉතිහාසයේ විද්‍යුත් මාධ්‍යයක් විසින් රජයේ ඇමතිවරයෙකුගේ ජඩ වැඩ පිළිබඳව නොබියව වාර්තාකරණයක යෙදුන ප්‍රථම අවස්ථාව මෙය බවයි බොහෝ දෙනා පවසන්නේ.

කප්පම් ලබාගැනීමට ලක්වූ බොහෝ දෙනෙක් එම වැඩසටහනට කථා කර තමන්ට වූ අසාධාරණ කම් පැවසූ අතර තවත් බොහෝ දෙනක් මර්වින් සිල්වාගේ ක්‍රියා කළාපයට තම අප්‍රසාදය හා පිළිකුල පල කළා.


එහිදී බැලුම්ගල හා මර්වින් සිල්වා අතර ඇතිවී දෙබස් කිහිපයක් පහත වේ 

මර්වින්: නැවක් ඔය පහුගිය දවස්වල ටයිටැනික් නැවට මොකද උනේ?..මෝඩයෙක් නොසලිකිලිමත්ව පදවන් ගිහිල්ල ගලක හැපිලා..අදත් එක ඉතිහාසේ තියෙනවා..ෆිල්ම් එකක් ගැහුවා..ඒවගේ කප්පිත්තන්න්ට මම කැමති නැහැ.


බැලුම්ගල : දැන් ඔබතුම මම මෝඩය ඔබතුමා උගතා කියලද? 


මර්වින් : ඔයා ඕනනම් මෝඩයා ලයින් එක දාගන්න 

නෙහාරා හා මේනක [On Location]




Tony Jaa ගේ ලංකා සංචාරය


මාෂල් ආට්ස් සටන් සඳහා තායිලන්තයේ ප්‍රසිද්ධ නලුවෙකු හා බෞද්ධ භික්ෂුවක වන Tony Jaa පසුගියදා ලංකාවට පැමිණියා.

පහත දැක්වෙන්නේ ඔහු දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ගත් ජායාරූප කීපයක්.

ක්‍රියාන්විතයේදී මියගිය කමාන්ඩෝ රෙජිමේන්තුවේ යසතිලක හා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී චානක යන රණවිරුවන් සිහිකිරීම සඳහා 59 වැනි බලකායේ හමුදා සෙබලුන් පිරිසක් දළදාමාලිගාවට ගිය අවස්ථාවෙදී ඔවුන් විසින් මොහුව හඳුනාගනයි මෙම ජායාරූප ගෙන තිබෙන්නේ.

Ong bak ඔහුගේ පසුගිය කාලයේ ජනප්‍රියවූ චිත්‍රපටයක් වන අතර මේ දින වල ඔහු තායිලන්තයේ තාවකාලික පැවිද්ද ලබාගන තිබෙනවා.

දමිත් අසංකට මහණ වෙන්න හිතිලා


බොරුවට මහණ වෙන්නේ නැහැ

පසුගිය දා ස්වර්ණවාහිනියේ හත්දින්නත් තරු වැඩසටහනට ජනප්‍රිය ගායක දමිත් අසංග සහභාගී වුවා.

එහිදී එම වැඩසටහන මෙහෙයවන ජයන්ත ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දමිත් අසංග කිව්වේ මහණ වීමට බලාපොරොත්තුවක් ඇති බවයි.

ඔහු එය ප්‍රකාශ කලේ පහත පරිදියි.

"මහණ වෙන්න බලාපොරොත්තුවක් මගේ හිතක තියෙනවා, හැබැයි ඒක අදක හෙටක නෙමෙයි. මම මහණ උනොත් සියලුම ආශාවන් අත්හැරලා දාලම තමයි මහණ වෙන්නේ. 

දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස්


දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස් වල ජායාරූප කිපයක් අප වෙත ලැබී තිබෙනවා. අධිවේගයෙන් බස් රථ ගමන් ගන්නා නිසා මඟීන්ගේ ආරක්ෂාවට තිබෙන ආසන පටි ඉතා බාල තත්ත්වයේ වන අතර ඇතැම් ඒවා අබලන් වී තිබෙන ජායාරූපයක්ද ඒ අතර වෙනවා.

පහත දැක්වෙන්නේ ආසන පටි සහිත අධිවේගී මාර්ගයේ ගමනාගමනය සඳහා සුදුසු යැයි සැලකෙන බස් රථ වුවද අතරින් පතර සාමාන්‍ය පැරණි බස් රථද ධාවනය සඳහා ඔවුන් යොදවන බව පළමුවරට අප ඔබට මීට පෙර හෙළි කළා. 

එවැනිම සිද්ධියක් පසුගියදා ද වාර්තා වී ඇති අතර සිරස රූපවාහිනිය එය වාර්තා කළේ පහත වීඩියෝවේ පරිදිය.

Share this article with your friends