Chitika Smowtion 468x60


Tuesday, December 4, 2012

බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකු නුදුරේදීම


බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉමහත් සතුටක් ලබාදෙමින් , බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකුගේ ආගමනය නුදුරේදීම සිදුවන පුවතක් ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර සිටියේය. 

ඊයේ උදැසන කෙට් කුමරියට ඇතිවූ වමනය තත්වයක් මත ඇය, විලියම් කුමරු විසින් King Edward VII රෝහලට ඇතුලත්කර තිබෙන අතර එහිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවුයේ කෙට් කුමරිය සති අටක ගැබිනියක් බවයි.

මෙම පුවතින් පසු විලියම් කුමරු සතුටින් කාර්යබහුල ලෙස රෝහල තුල හැසිරෙන අන්දම මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණි. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන්කර සිටියේ කෙට් කුමරිය තව දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවයි.

 මෙම පුවත වාර්තාවීමත් සමග දැනටමත් ලොව නන් දෙසින් පැමිණි සියගණනක් මාධ්‍යවේදීන් King Edward VII රෝහල අවට රැස්ව සිටියි . 
ඇතැම් පැපරාසි මාධ්‍ය, පුවත පළකරමින් කියාසිටියේ විලියම් කුමරුගේ කාර්යබහුල විදේශ සංචාර පලදරා ඇති බවයි. පසු ගිය සැප්තැම්බර් මාසයේ ප්‍රංශ CLOSER සඟරාව කෙට් කුමරියගේ අඩනිරුවත් චායාරුප පලකර සිටි අතර එලෙස ඔවුන් චයරුපා ගතකොට තිබුණේ විලියම් කුමරු සහ කෙට් කුමරිය දකුණු ප්‍රංශයේ පුද්ගලික නිවාඩු නිකේතනයක පිහිණුම් තටාකය අසල හිරු රශ්මිය විදින අවස්ථාවකි. 

ලොව බොහොමයක් ප්‍රසිද්ධ පුද්ගලයන් twitter වෙබ් අඩවිය තුලින් මෙම යුවලට සුබපැතුම් එක්කර තිබෙනු අපට දක්නට ලැබුණි. මේ අතරට බි‍්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, අමාත්‍ය එඩ්වඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රකට ව්‍යාපාරික ආචාර්ය රිචට් බ්‍රන්සන් ද අයත්වේ. විලියම් කුමරුගේ සොහොයුරු හැරී කුමරු තවමත් ඇෆ්ගනිස්ථානයේ යුදවැදී සිටින බව වාර්තාවේ.















විලියම් කුමරු රාත්‍රී 8.30 ට පමණ රෝහලින් පිටවයන අයුරු




මාධ්‍යවේදීන් King Edward VII රෝහල අවට රැස්ව සිටින අයුරු 








Source: http://www.gossip9.com/2012/12/blog-post_4748.html#ixzz2EIeyYkmG

Share this article with your friends