වෙබ් අඩවි මඟින් මේ පිළිබඳව නිතර නිතර හෙළිදරව් කළත් ශ්‍රී ලංකා ඉතිහාසයේ විද්‍යුත් මාධ්‍යයක් විසින් රජයේ ඇමතිවරයෙකුගේ ජඩ වැඩ පිළිබඳව නොබියව වාර්තාකරණයක යෙදුන ප්‍රථම අවස්ථාව මෙය බවයි බොහෝ දෙනා පවසන්නේ.
කප්පම් ලබාගැනීමට ලක්වූ බොහෝ දෙනෙක් එම වැඩසටහනට කථා කර තමන්ට වූ අසාධාරණ කම් පැවසූ අතර තවත් බොහෝ දෙනක් මර්වින් සිල්වාගේ ක්‍රියා කළාපයට තම අප්‍රසාදය හා පිළිකුල පල කළා.
එහිදී බැලුම්ගල හා මර්වින් සිල්වා අතර ඇතිවී දෙබස් කිහිපයක් පහත වේ
මර්වින්: නැවක් ඔය පහුගිය දවස්වල ටයිටැනික් නැවට මොකද උනේ?..මෝඩයෙක් නොසලිකිලිමත්ව පදවන් ගිහිල්ල ගලක හැපිලා..අදත් එක ඉතිහාසේ තියෙනවා..ෆිල්ම් එකක් ගැහුවා..ඒවගේ කප්පිත්තන්න්ට මම කැමති නැහැ.
බැලුම්ගල : දැන් ඔබතුම මම මෝඩය ඔබතුමා උගතා කියලද?
මර්වින් : ඔයා ඕනනම් මෝඩයා ලයින් එක දාගන්න
බැලුම්ගල: නෑ ඔබතුමා එහෙමනේ කියන්නේ
මර්වින්: මම ටයිටැනික් නැවේ කප්පිත්ත් එක්ක කතා කරන්නේ නැහැ..වැදගත් මාධ්‍යයවේදීන්ට මම සලකනවා..ආදරය කරනවා ඔයා ඒ විදියට මාත් එක්ක ප්‍රශ්නෙට එන්න..මිට එහා මම කතා කරන්නේ නැහැ..බොහොම ස්තුතියි.
බැලුම්ගල :වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ ඔබතුමාගෙන්
මර්වින් : නෑ ඉතින් උත්තර දීල ඉවරයි..මම දකුණේ ..මම රුහුණේ..මම මර්වින් සිල්වා..එක හිතේ තියාගන්න
බැලුම්ගල: එක අපිට අදාළ නෑනේ ඇමතිතුමා
මර්වින්: එහෙනම් බම්බු ගහගන්න
වෙනත් අවස්ථාවක
මර්වින් : ඔය බැලුම්ගල වැඩසටහන බොහොම හොඳ වැඩසටහනක්..මට මේ එක්කෙනෙක් කිව්වා එක්තරා පලාතක කස්සිප්පු සම්පුරනේ නැතිකරේ ඔයගොල්ලේ කියල..කොහෙද ඒ පළාත? චිනගහවිල..ඒ පැත්තේ මිනිස්සු මට පින් දෙනවා..ඔය ලොකු බලයක් තියෙන වැඩසටහනක් ඕක
ඊයේ විකාශය කළ බැලුම්ගල වැඩසටහන පහතින් අහන්න.
Source: http://www.gossip9.com/2012/01/blog-post_26.html#ixzz1kZpGTp2v