කෞතුකාගාරයේ හොරුන්ට ඇල්ලුවා ඇල්ලුවා කියමින් පසුගිය කාලයේ පොලීසිය මහත් ප්‍රචාරයක් ගෙන ගියද මේ වනතුරුත් ඇල්ලු හොරෙක් නැත. එහි ප්‍රධාන මොලකරු වාෂපවී ඇති සෙයකි.
එම සොරකම පසුගිය කාලයේ කොටින්ගේ ගිණුමට බැර කලද ප්‍රභාකරන් මියගොස් ඇති නිසාත් කරුණා අම්මන් හා කේපී රජගෙදට දංකුඩ කමින් සිටින නිසාත් එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් අල්ලාගැනීමටද පොලිසියට හැකිවී නැත.
පලාත් සභා මැතිවරණයත්, සර්වඥ ධාතු පෙන්වීමත් සමඟ රටේ ජනතාවටද කෞතුකාගාරයක් තිබූ බවක්ද මතක නැත. මෙම කෞතුකාගාරයේ සොරකම නැවතත් මතක් කරදෙන ලිපියක් පසුගියදා දිවයින පුවත්පතේ පලවී තිබුණා. මේ එම ලිපියයි.
කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස් ආ ගිය අතක් නැත. ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය. හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට ලක්‌ෂ පහක තෑග්ගක් සූදානම්ය. පොලිසිය මගින් ඔහුගේ ඡායාරූපද පලකර තිබේ. එත් මේ මොහොත වනවිටත් ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක් නොවේ.
සුදර්මන් II කොටස රඟ දැක්වේ - මාරක සිල්වා තවමත් නිදැල්ලේඅමාත්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික් හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2012 සියැට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.
එහිදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මානය, ටෙස්ට් පිතිකරු සම්මානය හා වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය හිටපු නායක කුමාර් සංගක්කාරට හිමිවූ අතර වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන ද වසරේ දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ද සම්මාන දිනා ගත්තේය.
රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවනවා සම්මානය හිමිකර ගත් අතර එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකර ගනු ලැබීය. වසරේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමිවිය. වසරේ හොදම ක‍්‍රීඩා සමාජය ලෙස නාවුක හමුදාව සම්මාන දිනා ගත්තේය.
එම සම්මාන රාත්‍රියේ ජයාරූප එකතුවක් පහතින් බලන්න
නොකියා සමාගම විසින් නිශ්පාදිත අලුත්ම ස්මාට්ෆොන් වර්ගය වන "Lumia 920" වෙළඳපොළට නිකුත් කිරීමත් සමග එහි ප්‍රචාරය සඳහා ප්‍රදර්ශනය කරන ලද වීඩියෝව නිසා එම දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට පත්ව තිබෙනවා
තරුණයෙක් හා තරුණියක් බයිසිකල් දෙකක යමින් සිටින අතර තරුණයා නොකියා දුරකථනයකින් තරුණියගේ වීඩියෝ දර්ශන ලබාගන්නා ආකාරය එහි පෙනෙන්නට සලස්වා දැන්වීම අවසානයේ වීඩියෝ දර්ශන බොඳවීමකින් තොරව දුරකථනයේ Optical Image Stabilisation (OIS) විශේෂාංගය මගින් ලබා ගත හැකි බවටද එහි දක්වා තිබෙනවා.
හිරු ටීවී නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක වූ මියුසික් වීඩියෝ නිර්මාණයෙහි නමක් දැරූ පුද්ගලයෙක් වන ඉන්දික වික්‍රමරත්නය.
කලාකරුවන් බයිට් කිරීම සඳහා වෙන්වුන මෙම වැඩසටහනෙන් අවසානයේ නිෂ්පාදකතුමාටද බයිට් වීමට සිදුවූ අවසථාවක් පිලිබඳ මෙයට පෙර ලිපියකින් වාර්තා කළා.
නිල නොවන ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වන්නේ මේ වනවිට ඉන්දික වික්‍රමරත්න හිරු ටි.වී මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක ධුරයෙන් ඉවත්ව ඇති බවයි.
පසුගියදා පැවති ජන්දය නිසා දේශපාලන වේදිකාවේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් වැව් ආශිත්‍රව ඉදිකරමින් පවතින අනවසර හෝටල් රාශියක් පිළිබඳ විස්තර එළියට ආවා.
බර්ටි ප්‍රේමලාල් කලා වැව් ඉස්මත්තේද, නාච්චාදූව වැවේ එස්.එම් චන්ද්‍රසේකර ද, මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ඩඩ්ලි පරාක්‍රම සමුද්‍රයේ ද, අර්ල් ගුණසේකර මින්නේරිය වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ද හෝටල් ඉදිකරමින් පවතිනවා.
ජීවිත කාලයක් දුක් මහන්සිවී උපයාගත් මුදලින් සාදන සොඳුරු කැදැල්ලට ගුණාත්මක බවින් යුතු අනර්ඝ ගොඩනැගිලි ද්‍රව්‍යය යෙදීමට උත්සුක වීම කාගේත් සිහිනයකි.
ඒ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය ඇති අහිංසක පාරිභෝගිකයින් දඩමීමා කරගෙන යමෙක් ඔවුන් මුලාවට පත් කිරීම ජාතික අපරාධයකි.
ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිෂ්පාදන ආයතනයක් වන ලංකා ෆ්ලෝ ටයිල්ස් PLC පසුගිය මාසයේ තත්ත්වයෙන් බාල පෝසිලේ ෆ්ලෝ ටයිල්ස් තොගයක් (අඩි දෙකයි දෙක) චීනයෙන් ආනයනය කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය පවා නොමැතිව රට පුරා තම පාරිභෝගිකයින් හට නින්දිත ලෙස විකුණා ඇත්තේ සාඩම්බර ලාංකීය තම ආයතනයේ නිෂ්පාදනයක් ලෙසිනි.
ලංකාවේ වැඩිම අවදානමක් සහිත මාර්ග දෙකෙන් එකක් වන A-26 නුවර මහියංගනය පදියතලා මාර්ගය මීට මාස කිහිපයකට කලින් මොරගහවෙල සිට මහියංගනය දක්වා පුළුල් කර කාපට් අතුරන ලදි
එම මාර්ගය පිළියම් කළද අවදානම් සහිත වැලමිටි වංගු සහිත ස්ථාන වල ඉදිරිය දකින දර්පන (Convex mirrors) සවිකරන ලදි.
මෙම දර්පන සවිකිරීමේදී විශේෂ තාක්ෂණයක් යොදාගන තිබෙන අතර රාත්‍රියේදී ඉදිරියෙන් පැමිනෙන වාහන වල ලාම්පුවේ ආලෝකය පරාවර්තනය නොවන පරිදි හා එම දර්පන රාත්‍රී කාලයේදී හඳුනාගත හැකිවන පරිදි විශේෂ ස්ටිකරයක්ද අලවා ඇත.