Chitika Smowtion 468x60


Tuesday, September 11, 2012

මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි


සුදර්මන් II කොටස රඟ දැක්වේ - මාරක සිල්වා තවමත් නිදැල්ලේ

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.

නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.


රියදුරු කඩේ යවා ජංගම දුරකථනය හා ගිනි අවිය පොලීසියට ගෙනත් දුන්නද රන් දම්වැල තවමත් තිබෙනුයේ මාලක සිල්වා සතුවය.

මෙම පහරදෙන අවස්ථාවේ අමාත්‍ය මර්වින් සිල්වාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙස කටයුතු කළ "රෙහාන් ජයවික්‍රම විජේරත්න" ද සිට ඇති අතර ඔහු හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ දෙවන කසාදයේ බිරීන්ද වන තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන භාරතී විජේරත්නගේ කලින් විවාහයේ පුත්‍රයකුවේ.

තුර්කියේ තනාපතිනිය විසින් තම පුත්‍රයා බේරාගැනීමට දැඩි වෙහෙසක් දරන අතර පොලීසිය විසින් එවැන්නෙකු ගැන සඳහන් හෝ නොකරයි.

වරෙන්තුවන් නිකුත් කර අවුරුද්දකට වැඩි කල ගතවුවද සුදර්මන් රදලියගොඩ අත් අඩංගුවට නොගත් පොලීසිය මාලක සිල්වා අත් අඩංගුවට ගැනීම පැහැර හැර තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය යනු නිවටයන්ගේ ආයතනයක් බව නැවත ඔප්පු කරමිනි.

මේ අතර පොලීසියට අත් අඩංගුවට ගත නොහැකිවූ මාලක සිල්වා පොලිස් මුරකාවල් මැදින් පැමිණ කැළනියේ සර්වඥ ධාතු වඳින අයුරු කැමරාවට හසුවී තිබෙනවා. තම පියා වූ අමාත්‍ය මර්වින් සිල්වා සමඟ පැමිණි මාලක සිල්වා, එම අවස්ථාවේ පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ කතාබස් කොට තිබෙනවා.




පන්සිල් රකිති මැරවරයෝ...මේ කේතුමතී නුවරයි...♫♪ යන නන්දාමාලනීගේ ගීතය අපට මෙම අවස්ථාවේ සිහියට නැඟෙනුයේ දුමින්ද සිල්වා කරඬුව වඩම්මන ඉහත ජායාරූපය නිසා පමණක් නොව පහත වීඩියෝ හා ජායාරූප වල මාලක සිල්වා සර්වඥ ධාතුවන්දනා කිරීම නිසාය.















































































- Source - http://www.gossip9.com/2012/09/blog-post_4688.html

Share this article with your friends