Chitika Smowtion 468x60


Friday, December 23, 2011

පෙම්වතාට දේව බන්ධනය කළ දෙයියෝ පෙනෙන්නට බැරිලු


ශාස්ත‍්‍රකාරියකගෙන් පේන බලන්නට ආ තරුණයකුරවටාගෙන දේව නියමය අනුව යැයි කියා මුලාකොට ඔහු විවාහ කර ගැනීමේ සිද්ධියක් මාතරප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ පාඇත්තේ 32 හැවිරිදි හේන්ගොවියෙකි.හේන්ගොවියාට ඔහු ආදරය කළපෙම්වතිය කිසියම් හේතුවක් නිසා අහිමි වී ඇත.

ඔහු මේ සම්බන්ධයෙන් සහනයක් පතා දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන කාන්තාවක් සොයාගොස් සිය පෙම්වතිය අහිමිවීමට කර්ම දෝෂයක් අත්දැයි කරුණු විමසා තිබේ.දෙවියන්ඉදිරියේ ආරූඪ වූ ශාස්ත‍්‍රකාරිය තරුණයාගේ සියලූ තොරතුරු පවසා පසුව මෙසේද පවසාතිබේ. '‘මේ ප‍්‍රාණකාරයාගේ සිත් ගන්නට තවත් ප‍්‍රාණකාරියක් ඉනා බන්දනයක් කවලා. ඒබන්දනය ශරීරයට විස වෙලාමේ විෂ ශරීරයෙන් ඉවත් නොකළහොත් ලැබෙන ප‍්‍රතිඵලභයානකයිදෙවියන් නියම කරනවා මොහු මාසයක් පමණ නොකඩවා ප‍්‍රතිකාර ලබාගතයුතුයි කියා.’’

ශාස්ත‍්‍රය හරියට කියැවීම සම්බන්ධයෙන් සතුටට පත් අදාල තැනැත්තා ශාස්ත‍්‍රකාරියගේදේවාලයේ නැවතී ඇයගෙන් දිගටම ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.පසුව ඇගේ දේවකාරියන්ටදඋදවු උපකාර කළ මේ ගොවි තරුණයා ඇය හා කුළුපග වීමෙන් පසුව ශාස්ත‍්‍රකාරිය විසින්දේවාලයේ ඇතුළු රහස් දොරටුවලද යතුරු ඔහු අත තබා ඇත.ශාස්ත‍්‍ර ඇසීමට කිසිවකුනොපැමිණි දිනක හදිස්සියේ දේවාරූඩ වූ ශාස්ත‍්‍රකාරිය තරුණයා දේවාලයේ ඇතුළු කාමරයටකැඳවා මෙසේ පවසා තිබේ.

‘‘මේ ප‍්‍රාණකාරයාට තිබෙන අපල උපද්‍රව නැති කර ගන්නට නම් දේවදාසියක් හා සරණබන්ධනය විය යුතුයි යයි දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කර සිටිනවා. ඒ සඳහා සුදුසුම තැනැත්තියදැනට ඔහු ළඟ සිටින බව උන්වහන්සේ පෙන්වා දෙනවා.’’පසුව දෙවියන්ගේ කැමැත්තටඉඩදී මේ තරුණයා ශාස්ත‍්‍රකාරිය හා විවාහවී ඇත.ඔහු ඉන් නොනැවතී ශාස්ත‍්‍රකාරිය ගැනතොරතුරු සොයා බැලීමට ද කටයුතු කර තිබේ.පසුව ඔහුට ඇය මීට පෙරද තවත් තරුණයකුහා විවාහ වී ඇති බවට තොරතුරු තොරු සොයා ගැනීමට හැකි වුවද මෙය දේව සාපයක් යැයිසිතා හිත හදා ගත් බවද පැවසේ.

කෙසේවුවද මේ දේව බන්ධනය කළ දෙයියෝ නම් දැන් ඔහුට පෙනෙන්නට බැරි බවද මේඅතර වාර්තා වේ.




Source : hotandfastnews.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends