කොලොන්නාව සභාපතිවරයා ඝාතනයට පැමිණි මිනීමරුවන් සිව්දෙනා ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වැල්ලපිටිය පොලීසියට භාරදී තිබූ අතර සාධාරණයක් ඉටුකරගැනීම සඳහා ඊයේ රාත‍්‍රිය වනවිටත් ප‍්‍රදේශවාසීන් පොලීසිය වටකොට සිටියහ.
එම තත්ත්වය යටතේ වහාම හමුදා සාමාජිකයන් නිදහස් කළ නොහැකි බව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇති අතර එම තත්ත්වය තුළ ලූතිනන් කර්නල් නිව්න්හැල්ල හා පොලිස් ස්ථානාධිපතිවරයා අතර බරපතල බහින්බස්වීමක් සිදුවී තිබේ. එම අවස්ථාවේදී වැල්ලම්පිටිය පොලීසිය අලස සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු නිව්න්හැල්ල මහතා හඳුනාගැනීමෙන් පසුව ඔහු වහාම පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබේ.
එම තත්ත්වය යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගක් මත සැකකාර හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදහස් කරගැනීමට වැල්ලම්පිටිය පොලීසියට ගොස් ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාය.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණු නියෝගය වහාම ක‍්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක‍්‍රියාත්මකවන පරිදි එම ස්ථානයෙන් ඉවත් කොට ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත කොට තිබේ.
ලූතිනන් කර්නල් නිව්න්හැල්ල මේ වනවිට ‘නෙලූම් පොකුණ’ රඟහල භාරව පත්කොට ඇති නිලධාරියාද වේ.
Source - lankanewsweb.com