ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා කිසිවකුගේවිශේෂ ඉල්ලීමක් අවශ්‍ය නොවන බවත්, සිරගතවසිටින ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක්පිරිනැමිය හැකි බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේපැහැදිලිව සඳහන්ව ඇති බවත්, නීතිඥ ජේ.සීවැලිඅමුණ මහතා පවසයි.
වැලිඅමුණ මහතා එම කාරණය අවධාරණය කොටඇත්තේ, සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිසමාවක් ලබා දීම ගැන සලකා බැලිය හැකි බවටජනාධිපතිවරයා පසුගිය දා කර තිබූ ප‍්‍රකාශය පිළිබඳවරාවය පුවත්පත කළ විමසීමකදීය.
ලංකාවේ ජනාධිපතිවරුන් විසින් වඩාත්ම අයුතු ලෙස යෙදවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයජනාධිපති සමාව යැයි කියා සිටින වැලිඅමුණ මහතා, ගෝනවල සුනිල්ගේ සිට මෑත කාලයේමහනුවර හිටපු නගරාධිපතිවරයා දක්වා අයට ජනාධිපතිවරුන් විසින් සමාව ප‍්‍රදානය කරන ලදබවට කියා සිටියි.
වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලබා දියහැකි බවත්, අවශ්‍ය නැත්නම් එසේ සමාව නොදිය සිටිය හැකි බවත් වැලිඅමුණ මහතාවැඩිදුරටත් කියා සිටී.