Chitika Smowtion 468x60


Thursday, April 5, 2012

චමල්ගෙන් ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීවරුන්ගේ සංවිධානයක්


පාර්ලිමේන්තුව නියෝජනය කළ, දැනට ජීවතුන් අතර සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන්ගේ සංවිධානයනක් පිහිටුපවීම සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටී.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගම් මට්ටමින් ශක්තිමත් කිරීම උදෙසා යැයි පවසමින් මෙම සංවිධානය පිහිටුවා ගැනීමට යයි. ඒ අනුව හිටපු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ පළමු සාකච්ඡාව ලබන 10වනදා පෙරවරු 9යට කථානායක නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා ප‍්‍රමුඛ සියලූ රාජපක්ෂවරුන්ට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ නැගඑන විරෝධය සමනය කිරීම මෙවැනි සංවිධානය ගොඩනැගීමේ සැබෑ අරමුණ බවත්, චමල් රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends