Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

කෙහෙළිය එයි. නමුත් 'කොටු පැනිල්ල' ගැන මුනිවත රකී


ඕස්
ට්‍රේ
ලියාවේ හෝටලයකින් බිමට වැටී දෙපා බිඳ ගත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 
ඊයේ (25) උදෑසන දිවයිනට පැමිණියේ ය. පැමිණි වහාම කොළඹ පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවූ කෙහෙළිය තමාගේ අනතුර ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යයි පවසා සිටියේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමිනි.

මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් අනතුර සිදුවීමට හේතුවූ කරුණු විමසීය. එහෙත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඔහු අනතුරට ලක් වූ ආකාරය ගැන විවිධ කට කතා එකළ ප්‍රචාරය වූ අතර ඇමැතිවරයා අනතුර වූ ආකාරය ගැන අද මුනිවත රැකීමෙන් එම කට කතා සත්‍යයැයි පිළිගැනීමට සිදුවේ. හෝටලයේ තෙවන මහලේ කාමරයක පිටත බැල්කනියේ බීමත්ව සිටි කෙහෙලිය ඇමැතිවරයා කාටත් හොරෙන් අනෙක් කාමරයේ බැල්කනියට පැනීමට ගොස් බිමට පත බෑ වූණු බව එකළ නිල නොවන ලෙස ප්‍රචාරය විය. අල්ලපු කාමරයට හොරෙන් පනින්නට ගියේ ඇයිද? එම කාමරයේ සිටියේ කව්ද? යන්න ගැන විවිධ මත පළ වී තිබිණ.

අනතුර සම්බන්ධයෙන් තමා නැවතී සිටි හෝටලයට නඩු පැවරීමට යන බව ඇමැතිවරයා මෙහිදී පැවසීය.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට රජය ඉඩ ලබාදිය යුතු බවට පසුගියදා සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශ සිදුකිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සරත් ෆොන්සේකාට ඇති බවයි.

Share this article with your friends