Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

රතිඤ්ඤා පත්තු කළ හමුදා කඳවුරු පිළිබඳව CID පරීක්‍ෂණ


ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නිදහස්වීම නිමිත්තෙන් පී‍්‍රතිය ප‍්‍රකාශ කිරීම සඳහා රතිඤ්ඤා පත්තු කළ බව කියන හමුදා කඳවුරු කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ කොට ඊට වගකිවයුතු නිලධාරීන් පිළිබඳව වහාම පරික්‍ෂා කොට තමාට වාර්තාවක් සපයන ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (22) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබේ.
පෙරේදා (21) ජෙනරාල්වරයාගේ නිදහස සමරමින් අදාළ යුද හමුදා කඳවුරු තුළ විනාඩි ගණනක් එක දිගට රතිඤ්ඤා පත්තු කොට තිබේ. මෙසේ රතිඤ්ඤා පත්තු කළ බවට වාර්තා වන්නේ, යාපනය ගජබා අනුඛණ්ඩය (නගර මුරපොළ), කන්කසන්තුරේ - රත්මලාන අතර මැදි කඳවුර (පාබල), ගැමුණු හේවා බල මූලස්ථානය - පේසාලේ, කරෙයිනගර් තොටුපොළ මුරපොළ, කල්අඩි යුද හමුදා මූලස්ථානය (පාබල), වව්නියා 22 වන බලමූලය, මාන්තෝට්ටම් හමුදා මුරපොළ යන හමුදා කඳවුරු වේ.
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අණ පරිදි ඊයේ (22) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම හමුදා කඳවුරුවලට ගොස් නිලධාරීන්ගේ සහ සාමාන්‍ය සෙබළුන්ගේ කටඋත්තර ගැනීමට කටයුතු කරමින් සිටී.

Source - lankanewsweb.com

Share this article with your friends