Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

Gota's War මෙහෙයුමෙන් බැසිල්ව නන්නත්තාර කරලා


පසුගිය 14වනදා බත්තරමුල්ල වෝටස්එජ් හි පැවති Gota's War ග්‍රන්ථය එළිදැක්වීමේ දේශපාලන මෙහෙයුමේදී, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් කොන්කිරීමට ලක්වී තිබේ.
අග්‍රාමත්‍ය ධූරය වෙනුවෙන් බලපෑම් කරන බැසිල් රාජපක්ෂ මහතාට එම උත්සවයේදී හිමි වූයේ නොවැදගත් තැනකි. එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් සැලසුම් සහගතව කරන ලද්දක් බව වාර්තාවේ.
මෙම ග්‍රන්ථය එළිදැක්වීම ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සනිටුහන කිරීමක් වන අතර, ප්‍රවීන මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් එය කල්යල් බලා එළිදක්වනු ලැබූ ග්‍රන්ථයකි.
මෙම ග්‍රන්ථය එළිදැක්කවීමේ උත්සවයේදී සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව මහත් ඉහළින් වර්ණනා කළේය. ගෝඨාභය නොසිටින්නට යුද විජයග්‍රහණයක් අත් නොවන බවත්, ජනාධිපතිවරයාව එල්ටීටීඊයට යුද්ධයකට පෙළඹවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙහිදී පැහැදිලි කළේය.
මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජාතික ආරක්ෂව පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින් සම්බන්ධීකරණය කරන අතර ඒ සඳහා සියලූම රාජ්‍යමාධ්‍ය ආයතනවල ප්‍රධානීන්නට ආරාධනා කර තිබුණි.
උත්සවයෙන් අනතුරුව හුළුගල්ලේ මහතා අතරට පැමිණි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රොහාන් සමරනායක මහතා, මේ රටේ අනාගත නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බව අද දින තහවුරු වූ බව පවසා තිබේ. විනය ගරුක රටක් බිහි කිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා කළ යුතු බව අවධාරණය කර ඇති සමරනායක මහතා, ඔහුව දේශපාලනයට ගෙනවිත් වහාම අගමැති ධුරය පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයිද පවසා තිබේ. ඒ සඳහා ඒ සඳහා පුළුල් ජනමතයක් ගොඩනැගිය යුතු බවට රූපවාහිනී සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.
මොහාන් සමරනායක මහතා එසේ පවසද්දී බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර මහතාද ඒ අසල සිට ඇති අතර ඔහු කිසිවක් ප්‍රකාශ නොකොට මුණිවත රැක තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends