Chitika Smowtion 468x60


Thursday, January 26, 2012

හම්බන්තොටට මොනෝ රේල්


සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර් තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන වසරේ අරඹන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා. 

හම්බන්තොට ගුවන් තොටුපල ඉදිකිරීමෙන් පසුව එය 2016 දී හම්බන්තොට ගුවන්තොට දක්වා දීර්ඝකරන බවද මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබෙනවා.

මොනෝ රේල් වර්ගයේ දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ කොංක්‍රීට් කණු මත ඉදිකරන ලද තනි බීම් එකකින් යුත් මාර්ගයක් දිගේ වන අතර සාමාන්‍යයෙන් මීටර් 30-50 අතර පරතරයකට එක බැගින් මෙම කොංක්‍රීට් කණු (පයිල්) ඉදිකළ යුතුය. එම සෑම කණුවක්ම යකඩ කම්බි යොදා මීටර් 20-40 අතර ගැඹුරකට භූගත ගල දක්වා කොංක්‍රීට් කළ යුතුය. 

මේ අනුව එක් කොංක්‍රීට් කණුවක් ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 3කට වඩා වියදම්වේ. එම කණු අතර දුම්රිය ගමන් කරන කොංක්‍රීට් බීම්ද ඉදිකල යුතුය.

එබැවින් මේ සියල්ලම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන අතර සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ දිනපතා ක්‍රීඩා තරඟ නොපැවැත්වෙන බැවින් හම්බන්තොට තිරිහන් කිරීම සඳහා යොදවන එම මුදළින් ජනතාවට සෙතක් සැලසේවිදැයි සැකයක් පවතිනවා. 


මේ වන විට අති විශාල මුදලක් යොදවා හම්බන්තොට ඉදිකරන ලද අසාර්ථක ව්‍යාපෘති අතර හම්බන්තොට වරාය, ක්‍රිකට් ක්‍රීඩාංගන, රන්මිණිතැන්න ප්‍රධාන තැනක් ගන්නවා.




Source: http://www.gossip9.com/2012/01/blog-post_9984.html#ixzz1kZeSRf16

Share this article with your friends