Chitika Smowtion 468x60


Thursday, January 26, 2012

සමුද්‍රදේවී සිසුවියන්ට ආර්ථික විද්‍යාව අකැපද?


වසර දෙකේ විෂය නිර්දේශය මාස 6න් කවර් කරන්න වෙලා

2012 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින නුගේගොඩ සමුද්‍රදේවී විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියන් විසි අට දෙනකුගේ විෂයන් විදුහල්පතිවරියගේ උවමනාව මත වෙනස් කර ඇති බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. 

මීට හේතුව ලෙස දක්වා ඇත්තේ මේ සිසුවියන් උසස් පෙළට විෂයක් ලෙස හදාරන ආර්ථික විද්‍යාව විෂයට පසුගිය වාර විභාගයේදී ලකුණු 75 ට වඩා අඩුවෙන් ලබා ගැනීමයි. එම හේතුව දක්වා උසස් පෙලට ආර්ථික විද්‍යාව හදාරන ඒම ශිෂ්‍යාවන්ගේ විෂය ධාරාවන් ඉතිහාසය ආදී ලෙස වෙනස් කර තිබෙනවා. 

කෙසේ වෙතත් මේ ගැටලුව නිසා වසර දෙකක් තුල අවසන් කිරීමට ඇති විෂය නිර්දේශය මාස 6 කින් අවසන් කිරීමට එම සිසුවියන්ට සිදුවී තිබෙන අතර මේ සිදුවීම පිලිබදව එම සිසුවියන්ගේ දෙමාපියන් විමසීමේදී ඔවුන්ටද ඇහුම්කන් නොදී ඇති විදුහල්පතිවරියගේ මෙම ක්‍රියාකලාපය නිසා අදාල සිසුවියන් මානසික ආතතියටද ලක්වීමට ඉඩ තිබෙනවා. 

තමන් අධ්‍යාපනය ලබන විෂය තීරණය කල යුත්තේ එම තැනැත්තා මිස වෙන කිසිවෙකු නොවේ.

එසේ තිබියදී එම සිසුවියන් අකැමති විෂයන් හැදෑරීමට බල කිරීම පිලිබදව අධ්‍යාපන බලධාරීන් ඉක්මනින් සොයා බැලිය යුතු අතර, එම සිසුවියන්ට නිදහස් මනසකින්,තමන් කැමති විෂයකින් විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දිය යුතුය.









Source: http://www.gossip9.com/2012/01/blog-post_7207.html#ixzz1kZex9jIa

Share this article with your friends