Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

‘‘රනිල් ශක්තිමත් කරන විරෝධතාවලට අපි නැහැ’’ - සජිත් කණ්ඩායම


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත් කෙරෙන කිසිදු ව්‍යාපෘතියකට තම කණ්ඩායම සහාය නොදක්වන බව සජිත් කණ්ඩායම අවධාරනය කර සිටී. ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (17) කොළඹ දුම්රියපොල ඉදිරිපට පැවති උද්ඝෝෂණයට සහභාගී නොවුයේ ඇයිදැයි සජිත් කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.


රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත්වන මොහොතක් මොහොතක් පාසා, ඔහු ආණ්ඩුවට එරෙහිව නොව තම කණ්ඩායමේ සාමාජිකයන්ට එරෙහිව දරුණු පලිගැනීමක යෙදී සිටින බව හෙතෙම ප‍්‍රකාශ කර සිටියේය. පසුගිය නිලවරණයේදී නායකත්වය සඳහා වික‍්‍රමසිංහ මහතා සමග තරග කළ කරූ ජයසූරිය මහතා මේ වනවිට දරුණු පලිගැනීමකට ලක්ව සිටින බවද හෙතෙම පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා කුමන කෙනෙහිලිකම් කළද තම කණ්ඩායම කිසිදු විටෙක ආණ්ඩුවට සහාය නොදක්වන බවත්, ජනතා ද්‍රෝහි වත්මන් ආණ්ඩුව මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පළවා හැරීම සඳහා තමන් දිගින් දිගටම අරගල කරන බවද ප‍්‍රකාශ කර සිටි ඔහු, තමාගේ නම හෙළිදරව් නොකරන ලෙසද ඉල්ලීමක් කළේය.

කෙසේ වුවද සසුනට අරුණ වැඩසටහනක් යොදාගෙන තිබීම නිසා සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පැවති උද්ඝෝෂණයට සහභාගී නොවන බව දැනුම්දී ඇති අතර, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා තම ආසනය තුළ වෙනම උද්ඝෝෂණයක් කරන බව පවසා කොළඹ උද්ඝෝෂණය මගහැර තිබේ.

ඒ අනුව සජිත් කණ්ඩායමේ දයාසිරි ජයසේකර, අශෝක අබේසිංහ, බුද්ධික පතිරණ, රංජිත් මද්දුම බන්ඩාර, සුජීව සේනසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙන්ම තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරියද ඊයේ උද්ඝෝෂණය වර්ජනය කරනු ලැබීය. සජිත් කණ්ඩායමේ සාමාජිකාවක් වූ රෝසි සේනානායක මහත්මිය උද්ඝෝෂණයේ ආරම්භක අවස්ථාවට පැමිණ සුලූ මොහොතකින් පිටව ගොස් තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends