Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

සෝනු නිගම්ගේ ප‍්‍රසංගයේදී විමල්ට අම්බානක ‘හූවක්’


ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ ‘සොනු නිගම් ලයිව් ඉන් කොන්සට්’ සංගීත ප‍්‍රසංගය ඊයේ රාත‍්‍රී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති අතර ඊට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාට සංගීත ලෝලීන් එකදිගටම විනාඩි කිහිපයක් ‘හූ’ කියා තිබේ.


ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගී ප‍්‍රසංගයේ මූලික සම්බන්ධිකරන කටයුතු සිදුකරනු ලැබුවේ විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ව්‍යාපාරික ශෂී වීරවංශ මහත්මියයි. 


නිවාස ව්‍යාපෘතියකට අනුග‍්‍රහය දක්වීම සඳහා යැයි කියමින් රුපියල් 25,000 සිට රුපියල් 5,000 දක්වා වූ ටිකට් පත් අලෙවි කරමින් සංවිධානය කර තිබූ මෙම සංගීත ප‍්‍රසංගයට ශ‍්‍රී ලාංකීය සංගීත ලෝලීන් දහස් ගණනක් සහභාගී වී සිටි අතර එහි මාධ්‍ය අනුග‍්‍රහය ලබාදී තිබුණේ ‘සිරස’ මාධ්‍ය ජාලයයි.

ප‍්‍රසංගය ආරම්භ කරමින් ‘සිරස’ නිවේදකයා පැමිණි සිටි විශේෂ ආරාධිත අමුත්තන්ගේ නම් සඳහන් කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීමත් සමග සංගීත ලෝලීන් එකදිගටම ‘හූ’ කියමින් තම විරෝධය පළකරනු ලැබීය. එම තත්ත්වයට යටතේ විනාඩි කිහිපයකට සංගීත ප‍්‍රසංගයේ වැඩකටයුතු අඩාල විය.

පෙබරවාරී 14 වන දා කොළඹ කන්වෙන්ෂන් ශාලාවේ පැවති බිලී  ඕෂන්ගේ ගී ප‍්‍රසංගයේදී ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාටද මෙවැනිම අකරතැබ්බකට මුහුණදීමට සිදුවිය. එම ප‍්‍රසංගයට සහභාගී වූ ඉංග‍්‍රීසි ගීත ලෝලීන් මහින්දානන්ද ඇමතිවරයාගේ නම සඳහන් කිරීමත් සමග ‘හූ’ කියමින් විරෝධය පළකරනු ලැබීය.







Source - lankanewsweb.com

Share this article with your friends