Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

ජනාධිපතිවරයාට වෙබ් පුවත් වාර්තා කිරීමට නිලධාරිනියක්


වෙබ් අඩවිවල පලවන පුවත් වහාම තමාවෙත වාර්තා කිරීමේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් ඔහුගේ රහස්‍ය ලේකම් අනෝමා ලාෆීර් මහත්මිය වෙත පවරා තිබේ. ඒ අනුව ‘ලංකා ඊ නිව්ස්’, ‘ගොසිප් ලංකා’, ‘ලංකා නිව්ස් වෙබ්’,‘ගොසිප් 9’, ‘ලංකා විව්ස්’, ‘ලංකා ටෲත්’, ‘පැපරාසිනිව්ස්’, ‘එලකිරිනිව්ස්’, ‘ලංකාලීක්ස්’, ‘රාවය නිව්ස්’ යන වෙබ් අඩවි මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවත්වාගෙන යනු ලබන ‘ලංකාසීනිවිස්’ වෙබ් අඩවියේ සියලූ පුවත් වාර්තාද ජනාධිපතිවරයාට වහාම දැනුම්දීම ලාෆීර් මහත්මිය වෙත පැවරී ඇති අලූත්ම රාජකාරිය වේ.
අනෝමා ලාෆීර් (වික‍්‍රමසූරිය) මහත්මිය, ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාගේ නැගනියයි.

වෙබ් අඩවි අධීක්ෂණ කටයුතුවලට අමතරව ජනාධිපතිවරයාගේ ආර්යාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සම්බන්ධීකරන කටයුතු මෙන්ම ජනාධිපතිවරයාගේ යුරෝපා බැංකු ගිණුම්වලට අදාල සම්බන්ධීකරන කටයුතුද සිදුකරන්නේ ලාෆීර් මහත්මියයි.

ජනාධිපතිවරයා සතු සිංගප්පූරුවේ හා මැදපෙරදිග බැංකු ගිණුම් කටයුතු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින්ද මෙතෙක් හෙළිදරව් නොවූ බැංකු ගිණුම් කිහිපයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා විසින්ද සම්බන්ධීකරනය කරනු ලබයි.

Source - lankanewsweb.com

Share this article with your friends