Chitika Smowtion 468x60


Monday, February 20, 2012

ධීවරයින්ගේ විරෝධයෙන් රාජිතගේ සැනකෙලිය බකල්වේ


ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රතිරූපය ඉස්මතු කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ‘‘රජිත දිනේ’’ සංවත්සර සැනකෙළිය බේරැවල නගරසභා භූමියේදී පෙරේදා (18) ආරම්භ වූ අතර එහිදී ධීවර ජනතාවගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ එය අතරමග නවතා දමා තිබේ. ඊයේ සිට සතියක කාලයක් එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.


සැනකෙලිය ආරම්භ කරමින් දිවයිනේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සංගීත ප‍්‍රසංගය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ කෝපයට පත් ධීවරයින් එයට බලවත් විරෝධය පළකර එය මුලූමනින්ම කඩාකප්පල් කර ඇත.


ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකළ හලාවත ධීවර කාර්මිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම පිළිබදව කෝපයට පත්ව සිටි බේරැවල ධීවරයින් එසේ තම විරෝධය පළකර ඇත.

මිගමුවේ තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ අද පැවති ධීවර නියෝජිත හමුවකදීද ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කි‍්‍රයාකළාපය දැඩි ලෙස විවේචනය ලක්වී තිබේ. මෙම ධීවර හමුව සඳහා මීගමු හලාවත කළාපයේ ධීවර නියෝජිතයින් මෙන්ම එම කළාපයේ ආණ්ඩු පක්ෂ බලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

ධීවරයින්ට ලබාදීමට යෝජිත ඉන්ධන සහනාධාරය ප‍්‍රතික්ෂේප කර ඇති ධීවර නියෝජිතයින් තමන්ට පෙරමිලටම ඉන්ධන ලබාදෙන ලෙස බලකර ඇති අතර ඊට විසදුමක් ලැබෙන තෙක් මුහුදු නොයෑමටද තීරණය කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends