Chitika Smowtion 468x60


Monday, February 20, 2012

පාතාල නායක ‘කිංග්ස්පාක් රෝහණ’ රහසේ නිදහස්කරලා


කුප‍්‍රකට පාතාල නායකයෙකුවන රෝහණ කුමාර නොහොත් ‘කිංග්ස්පාක් රෝහණ’ නොහොත් ‘වැව රෝහණ’ නැමැත්තා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කොට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මෙම පාතාල නායකයා ඇමරිකාවට පලායෑම සඳහා ව්‍යාජ ලිපිලේඛන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ලබාදීමේ හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනුනු අතර ඉන්පසු රිමාන්ඞ් බාරයට පමනුවන ලදි.


පාතාල නායක ‘කිංග්ස්පාක් රෝහණ’ ගේ මෙම නිදහස්වීම සඳහා ප‍්‍රමුඛව ක‍්‍රියාකාර තිබෙන්නේ ඔහුගේ සමීපතම මිතුරෙකුවන දැනට නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කරනු ලබන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ඉල්ලීමක් මත ආරක්ෂක ලේකම්වරයා නීතිපති මගින් මෙම තැනැත්තා කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කොට තිබේ.

ඉන් පසු ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම මත කොළඹ හිල්ටන් හෝටලයේ සභාපතිවරයාවන ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරික තිරු නඬේෂන් මහතා විසින් හිල්ටන් හෝටලයේ 19 වන විධායක මහලේ (Executive Floor) කාමර 4ක් රෝහණ කුමාරට සහ ඔහුගේ ආරක්ෂකයින් හට ලබාදී තිබේ. ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම මත පෞද්ගලික ආරක්ෂකයන් දස දෙනෙකු මෙම පාතාල නායකයාට රැකවරණය සපයනු ලබයි.

මෙම පාතාල නායකයාගේ සොයුරාවන ‘නේවි සමන්’ නැමැත්තා ලංකාවේ සුප‍්‍රසිද්ධ සීනි ව්‍යාපාරිකයෙකුවන ‘කලා ටේ‍්‍රඩර්ස්’ හිමිකරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් රිමාන්ඞ්බාරයේ පසුවන අතර ඔහුව නිදහස් කරගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා හරහා ‘කිංග්ස්පාක් රෝහණ’ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටින අතර මෙම ‘නේවි සමන්’ නැමැති පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම මත පමණක් දිනවල රාත‍්‍රියේ හිල්ටන් හෝටලයේ විධායක මහලට පැමිණ රාත‍්‍රිය ගතකරන බව මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළිදරව් කර සිටී.

‘කිංග්ස්පාක් රෝහණ’ ගේ මෙම කුප‍්‍රකට ක‍්‍රියාකාරකම් සඳහා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ ආශිර්වාදය ඔහුට තවදුරටත් ලැබෙන අතර ‘කිංග්ස්පාක් රෝහණ’ සෑම වැඩක්ම කිරීමට පළමුව ‘‘මට ඒක සර්ගෙන් අහලා ඉන්න  ඕන’’ යනුවෙන් සඳහන් කරන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පිළිබදවය. සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරය දැරූ අවදියේ ශ‍්‍රී ලංකා අධිකරන ක්ෂේත‍්‍රයේ බලවත්ම පුද්ගලයා වූයේ ‘කිංග්ස්පාක් රෝහණ’ නොහොත් ‘වැව රෝහණ’ය.



Source - lankanewsweb.com

Share this article with your friends