Chitika Smowtion 468x60


Monday, February 20, 2012

විදේශ අමාත්‍යවරයා දකුණු අප‍්‍රිකාවේ සංචාරයක


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙම සතියේදී දකුනු අප‍්‍රිකාවේ නිල සංචාරයක යෙදෙන බව විදේශ අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනවාරී 08 වන දා පැවති අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ශතසංවත්සරය සඳහා ලඳ නිල ආරාධනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දෙරට අතර ඇතිවී තිබෙන රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්න නිරාකරණය කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ වනවිට අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය හරහා දකුණු අප‍්‍රිකානු රජය සමග ගොඩනගාගෙන තිබෙන අන්‍යයෝන්‍ය අවබෝධය පිළිබදව ශ‍්‍රී ලංකා රජයේ නොසතුට පිළිබදව දකුණු අප‍්‍රිකානු රජයට දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂයෙන් ඉල්ලා තිබේ.

දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා බොත්ස්වානාව හා නයිජීරියාවේ සංචාරය කිරීමට අරමුණු කරගෙන සිටින බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග, මෙම සංචාරය බොහෝ විට විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවසන් නිල සංචාරය වීමට ඉඩ ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.


Source - lankanewsweb.com

Share this article with your friends