Chitika Smowtion 468x60


Monday, February 20, 2012

සනෝජා බිබිලේට කතරගමදී ඇබැද්දියක්


ප්‍රවීන ටෙලිනාට්‍යය හා සිනමා ශිල්පිනි සනෝජ බිබිලේ මෙනෙවිය කතරගම වන්දනාවේ ගොස් සිටි අතර අසනීප වීම හේතුවෙන් කතරගම රෝහ‍ලේ සේවය කරන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන ජානකි පතිරණ මහත්මියගේ නිල නිවසේ පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් ඇත. 

එහිදී වෛද්‍යවරිය විසින් පරික්ෂා කොට බලා අදාළ බෙහෙත් නියමකොට තුන්ඩුවක් ඇලබා දී ඇති අතර එම තුණ්ඩුව ගෙන බෙහෙත් ලබා ගැනීමේ කවුන්ටරයට යන ලෙස දන්වා ඇත.

එම කවුන්ටරයේ සිට ඇත්තේ වෛද්‍යවරියගේ සැමියායි.

ඉන්පසු ලක්බිම පුවත්පතට සිදුවීම විස්තර කරන සනෝජා බිබිලේ මෙනෙවිය 


"බෙහෙත් තුණ්ඩුව ගෙන එම නිවෙසේම ස්ථානයක බෙහෙත් දෙන කවුන්ටරයට ගොස් එහි සිටින පිරිමි අයට දුන්නා. ඒ සමග මම දේවාලයේ පූජාවට යාමට ප්‍රමාදවන නිසා ඉක්මනින් බෙහෙත් ටික ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. 

ඒ සමගම බෙහෙත් තුණ්ඩුව ගත් පුද්ගලයා පරුෂ වචන කියමින් බෙහෙත් තුණ්ඩුව ඉරා දමා තොපිට ඕන විදියට බෙහෙත් දෙන්නෙ නෑ කියමින් මාගේ මාමාට පහර දුන්නා. පසුව මම ඒ පුද්ගලයාගේ අත අල්ලා මාමට පහර දෙන එක වළක්වනු ලැබුවා. 

ඉන්පසුව අපිට පහරදුන් පුද්ගලයා කඩුවක් ගෙන අපිව කපනවා යැයි පවසමින් එළියට පැමිණ කඩුවෙන් කෙටීමට තැත් කළා. එහිදී අපි ගේ ඇතුළට දුවගෙන ගොස් කාමරයක දොර වහගත්තා. ඉන්පසු වෛද්‍යවරිය අපිව කාමරයෙන් පිටමංකර යවනු ලැබුවා.

පසුව අපි කතරගම ‍පොලීසියේ ආරක්ෂාව ඇතිව වෙනත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබා ගත්තා."

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන ජානකි පතිරණ මහත්මිය පවසන්නේ සනෝජා බිබිලේ ඇතුළු පිරිස තම සැමියාට පහරදී අත තුවාල කල බවකි.




Source: http://www.gossip9.com/2012/02/blog-post_5065.html#ixzz1mvhFqbl0

Share this article with your friends