Chitika Smowtion 468x60


Monday, February 20, 2012

සෝනු නිගම්ගේ ලංකා ප්‍රසංගය (Pictures)


ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් ගේ සංගීත ප්‍රසංගය පෙරේදා (17) රාත්‍රියේදීඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් ගේ සංගීත ප්‍රසංගය පෙරේදා (17) රාත්‍රියේදී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.

විශාල ප්‍රේක්ෂක පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගී වූ අතර ලංකාවේ කලාකරුවන් හා දේශපාලනඥයින්ද සහභාගිවීම විශේෂත්වයක් වුවා.

මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී මුලිකත්වය ගෙන කටයුතුකොට තිබුනේ ප්‍රකට ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමරි මහත්මිය විසිනුයි.

විමල්ට "හු" සංග්‍රහයක් 
මෙයට පෙර අප ලිපියකින් ඔබ වෙත හෙළිකොට සිටියේ බිලි ඕෂන් ගේ සංගීත ප්‍රසංගයට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට ප්‍රේක්ෂකයන් "හූ.." කිම නිසා සිදුවූ අපහසුතාවය ගැනයි.එවන්ම සිදුවීමකට මුහුණ පෑමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට සිදුවුවා.

එහිදී වේදිකාවේ සිටි නිවේදකයා විසින් ආරධිත අමුත්තන්ගේ නම් සඳහන් කරමින් විමල් විරවංශ අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීමත් සමගින් ප්‍රේක්ෂකයන්ගෙන් "හු" සංග්‍රහයක් එල්ලවනු ලැබුවා.

ප්‍රසංගය බලන්න ජනපති ආර්යාවත් ඇවිත් 
මෙහිදී විශේෂත්වය වුයේ සෝනු නිගම් ගී ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද පැමිණ සිටීමයි.ජනපති ආර්යාවත් සමග මෙම ප්‍රසංගය නැරඹීම සඳහා යෝෂිත රාජපක්ෂ පැමිණ සිටියේ සිය පෙම්වතිය වන ටටියානා ලී මෙනෙවිය සමගයි. 


එම ප්‍රසංගයේ ජායාරූප පහතින් බලන්න  


ජයාරූපකරණය : මනුෂ සිල්වා



Source: http://www.gossip9.com/2012/02/blog-post_20.html#ixzz1mrokP1mX

Share this article with your friends