40 වැනි වරට පැවැත්වෙන ජාතන්තර ගම්මිරිස් සමුළුව මෙවර කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇතිබව සුළු අපනයන බෝග අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙවර සමුළුවේ මුලසුන ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඒ අනුව ගම්මිරිස් සමුළුවේ සහාපති ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කර තිබෙනවා.
ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙන මෙම ගම්මිරිස් සමුළුවට රටවල් 7ක නියෝජිතයන් සහභාගී වනු ඇති.