Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

දයාන් වෙනුවට ෂේණුකා ප‍්‍රංශයට


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා වහාම ඉවත් කොට විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින්වාස් ගුණවර්ධන මහතා ඊයේ (30 ) විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ කැඳවනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සමීපතම හිතවතෙකු වන දයාන් ජයතිලක මහතා පසුගිය දින කිහිපය තුළ ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකට ජිනිවා සමුළුවෙන් පසු කරන ලද ප‍්‍රකාශ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බරපතළ අසීරුතාවයකට පත් කර ඇති බව එහිදී සඳහන් කර ඇති සජින්වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා, එම ප‍්‍රකාශ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ලිපියක් කෙටුම්පත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනෙවිරත්න මහත්මියට දැනුම් දී තිබේ.
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හෝ විදේශ කටයුතු ලේකම් තිලක් කරුණාරත්න අමුණුගම මහතා හෝ දැනුවත් නොකොට පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා ෂේණුකා සෙනෙවිරත්න ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් කැඳවා තිබිණ.
සජින්වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී ජී.එල්. පීරිස් මහතාව හඳුන්වා ඇත්තේ ‘‘පණුවා’’ ලෙසය. ‘‘පණුවා ජනාධිපතිවරයාට දිගින් දිගටම ලණු දුන්නා.’’ යැයි මන්ත‍්‍රීවරයා එහිදී පවසා ඇති අතර, ළගදී ජී.එල් විදේශ අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද අවධාරණය කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends