Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

බන්දුල-රවී විවාදය දෙරණ ටීවී හරහා


මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටීවී 

විවාදය ලබන අඟහරුවාදා


බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එක් අයෙකුට මසකට රුපියල් 2500ක මුදලකින් කාලා බිලා නොමැරී සිටිය හැකි බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් වූ ලිපි කිහිපයක්ම අප පසුගිය දින කිහිපයේ ඔබට ඉදිරිපත් කළා. 

මේ අතර නවතම වාර්තා අනුව ඔහුගේ එම අභියෝගය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් භාර ගෙන තිබෙනවා. එසේම එම විවාදය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දෙරණ ටීවී සුදානම් ව සිටිනවා. මෙම විවාදය දෙරණ ටීවී වාද පිටිය හරහා එළබෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි. 

මේ විවාදය පිළිබද විශේෂ වාර්තාවක්‌ එදිනට ගෙන ඒමට අපද බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත් නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා කියා සිටියේ ස්ත්‍රී දුෂන මිනීමැරුම් සහ රුපියල් 2500 කින් ජනතාව ජිවත් කල හැකි බවට වූ බවට පැවසෙන ප්‍රවෘත්ති වලට වඩා රටේ සංවර්ධනය ගැන කියවෙන ප්‍රවෘත්ති වලට වැඩි අවධානයක් දියයුතු බවයි.






Source: http://www.gossip9.com/2012/03/blog-post_6650.html#ixzz1qgC4M5DZ

Share this article with your friends