Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

ජීනිවා ලොස් පීරිස්, ග්‍රේට් ලණු පීරිස් වේ


ජීනිවා මානව හිමිකම් සමුළුව ඇරඹි දින කිහිපයක් ඇතුළතදීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හොඳ හැටි අනා ගන්නා බව තේරුම් ගත් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා, ජී.එල්. පීරිස් මහතාව ජීනිවා ලොස් පීරිස් ලෙස භෞතීස්ම කළ පරිදිම ජනාධිපතිවරයා පසුගියදා විදේශ කටයුතු අමාත්‍යවරයාව හඳුන්වා ඇත්තේ ‘‘ලොස් පීරිස් නෙමෙයි, ඕකට කියන්න ඕනි ගේ‍්‍රට් ලණු පීරිස් (Great lanu)’’ යැයි පවසා තිබේ.
ජී.එල් දෙන තරමක් දෙන්නේ ලණු බව ජනාධිපතිවරයා පසුගියදා සති අන්ත පුවත්පතක කතුවරයෙකුට පැහැදිලි කර දී ඇත. ඒ අනුව එම කතුවරයා ජි.එල්.ගේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් කතුවැකියක් පවා ලියූ අතර, එම පුවත්පතේ ඒ සම්බන්ධයෙන් කාටුන් චිත‍්‍රයක් ද පළ කර තිබේ.
ජී.එල් තවදුරටත් විදේශ අමාත්‍යවරයා ලෙස සිටිය හොත් බරපතළ තත්ත්වයක් මතු විය හැකි බව මිලින්ද මොරගොඩ හා මොහාන් පීරිස් යන මහත්වරුන් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇති අතර, ජීනිවා සංචාරයට එක්වූ කතුවරු කිහිප දෙනෙකු ද විදේශ ඇමතිවරයාගේ ක‍්‍රියාකලාපය ජනාධිපතිවරයා හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබේ.
ජනාධිපතිවරයා තමාට ගේ‍්‍රට් ලණු පීරිස් කියා සඳහන් කොට ඇති බව දැනගත් ජී.එල්.පීරිස් මහතා ව්‍යාපාරිකයින් පිරිසකට පෙරේදා රාත‍්‍රියේ පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට ලණු දුන්නේ තමා නොව සජින්වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාත්, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනෙවිරත්න මහත්මියත් බවය.
ජීනිවා ගිය මොහාන් පීරිස් සියලු ප‍්‍රශ්න පසෙකලා සෑම දිනකම රාත‍්‍රී පියානෝ වාදනය කරමින් සිටි බවත්, ෂේණුකා මොහාන්ගේ තාලයට නට නටා සිටි බවත්,ජි.එල් පිරිස් මහතා එම ව්‍යාපාරිකයින් පිරිසට පවසා තිබේ.


























Source - lankanewsweb.com

Share this article with your friends