Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

නාමල්ගේ නිල්බලකාය අත්තුඩාවේ නිදන් කොල්ලයක ?


නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ ‘නිල්බලකාය’ ප‍්‍රධානීන් පිරිසක් පසුගිය දින රාත‍්‍රියේදී මාතර අත්තුඩාවේ අසපුව ආරණ්‍යසේනාසනය ආසන්නයේ නිදන්වස්තු සොයා කැණීම් සිදුකර ඇති බව තිහගොඩ පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මාතර නිල්බලකායේ ප‍්‍රධානීන්වන මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී කපිතාන් භාරත කොඩිතුවක්කු සහ මාතර ආපදා කලමණාකරන ඒකකයේ ප‍්‍රධානී මේජර් බාලසූරිය ඇතුලූ පිරිසක් මෙම නිදන්කොල්ලය සඳහා සහභාගි වි තිබේ.
අදාළ ප‍්‍රදේශයට එම පිරිස ගොස් ඇත්තේ ආපදා කලමණාකරන ඒකකයට අයත් නිල වාහනවලින්ය. අනතුරුව එම ප‍්‍රදේශයට බාහිර පුද්ගලයන්ට ඇතුල් වීම වලකාලමින් යුද හමුදා ආරක්ෂාවක් යොදවා තිබී ඇත.
කිසියම් නාඳුනන පිරිසක් තම ප‍්‍රදේශයේ කැලෑ භූමියට පැමිණ දින කිහිපයක් කැණීම් කටයුතු සිදු කළ බවත් එය නිදන් වස්තූන් සොයා සිදු කළ කැණීමක් බවට සැක කරන බවත් අදාළ ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනකු අද පෙරවරුවේ තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමට ගොස් තිබේ. එහෙත් ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබා නොගෙන පලවා හරින ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට ඉහළින් නියෝගයක් ලැබුණු බව එම පොලිසියේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
දුටු ගැමුණු රජතුමාගේ කඩුව සොයා රාජපක්ෂවරුන් මේවනවිට ‘අසිපත් මෙහෙයුමක්’ අරඹා ඇති අතර ඒ සඳහා රාජපක්ෂවාදී හමුදා නිලධාරීන්ගේද සහය ලබාගෙන තිබේ. ජාතික කෞතුකාගාරයේ අසිපත් පැහැරගෙන යාමේ සිද්ධිය මේවනවිට යට ගසා ඇති අතර, කෝට්ටේ රජමහ විහාරයේ පෞරාණික අසිපත පැහැරගෙන යාමට උත්සාහකිරීමේ ඇති වූ අනපේක්ෂිත සිද්ධියේදී හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධ පරීක්ෂණ කටයුතුද වෙනතකට හරවා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends